fbpx COVID-19
Update

“MyDoctor” විද්‍යුත් වානිජ්‍යය සන්නාමයක් ලෙසින්

25 Jan 2019

“MyDoctor” විද්‍යුත් වානිජ්‍යය සන්නාමයක් ලෙසින්

2019 වසරේ විශිෂ්ඨතම විද්‍යුත් වානිජ්‍යය අයිකනයක් ලෙසින් ඉදිරියට එන්නට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යය සුව සේවා සන්නාමය වූ MyDoctor හට හැකි විය. මෙම තෝරාගැනීම එක්සත් රාජධානියේ මවු සමාගම පිහිටා ඇති Brand Finance නම් වූ ස්වාධීන සමාගම විසින් සිදු කිරීමද සුවිශේෂයි.

දියුණු වන තාක්ෂණයේ උපයෝගීත්වයෙන් අනෙකුත් සේවා සපයන ආයතන රැසක් සම්බන්ධ කරගෙන ලංකාව තුළ සුව සෞඛ්‍යය සේවා ජාලයක් සැකසීම MyDoctor හී මූලික අරමුණයි. රෝගියා විසින් තම සෞඛ්‍යය තත්ත්වය සහ සුවය සම්බන්ධයෙන් වඩා නිරවද්‍ය දැක්මක සහ පාලනයක පිහිටුවන පද්ධතියක් සැකසීමේ අරමුණින් නිර්මාණශීලී දේශීය තාක්ෂණය වඩා ඵලදායී ලෙසින් යොදාගැනීම අප සමාගමේ අධිෂ්ඨානය විය.

සෞඛ්‍යය සුවසේවයට සම්බන්ධ වී සිටින සියළු පාර්ශවයන්ටද අවශ්‍යතාවයක්ව පැවති ඩිජිටල්කරණයට ලක්වීමේ අභියෝගයට මනා දැක්මක් සපයමින් MyDoctor විසින් මෙම ඉදිරි පියවර ගැනීමම මෙම කටයුත්ත වඩා පහසුවෙන් සිදු කරන්නට හේතුවක් වුනා. පරිශීලකයා තම සෞඛ්‍යය සම්බන්ධයෙන් වඩා උනන්දු කරවන සුළු ලෙසින්, සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව නිමවූ වඩා වැඩි සේවාවන් ප්‍රමාණය සහ ඒ ඔස්සේ කාර්යය වඩා පහසු කරවන ලෙසින් නිමවූ ක්‍රමවේදය මෙම සාර්ථකත්වයට සුවිශේෂ හේතුවක්. උදාන වාක්‍යයක් ලෙසින් ගත් කළ මෙම ක්‍රමවේදයේ මූලික හරය පැහැදිලිව දිස්වෙයි. එනම් ජාලයක් ලෙසින් වඩා සවිමත් සහ සම්බන්ධිත සෞඛ්‍යය සේවාවක පහසුව පරිශීලකයාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් සලසා දීමයි. එය වෛද්‍යවරුන්, ඔසුහල්, රසායනාගාර සහ රෝහල් යන සියල්ල ඇඟිලි තුඩක දුරකට ගෙන ඒමේ අභියෝගය ජයගැනීමයි.