fbpx COVID-19
Update

BestWeb.lk 2018 තරගයේ MyDoctor.lk ජයග්‍රාහීව ඉදිරියට

25 Jan 2019

BestWeb.lk 2018 තරගයේ MyDoctor.lk ජයග්‍රාහීව ඉදිරියට

‘.lk’ ඩොමේන් ලියාපදිංචි කිරීමේ ආයතනය විසින් සංවිධානය කරන විසින් 8වැනි වරටත් සංවිධානය කළ BestWeb.lk යනු .lk ඩොමේනය සහිත ශ්‍රී ලාංකික වෙබ් අඩවි අතරේ විශිෂ්ඨත්වය සෙවීම වෙනුවෙන් සිදුකළ කටයුත්තකි. පෙණුම, උපයෝගීතාවය සහ ජනතාව අතරේ වෙබ් අඩවිය සමග ඇති බැඳියාව මත විනිශ්චය ලැබෙන පරිදි එය ක්‍රියාත්මක වෙයි. 400කට අධික ආයතන රැසක් මාස තුනක කාලයක් තිස්ස‍ේ විනිශ්චය කිරීමෙන් අනතුරුව මෙහි තීරණ දැණුම් දීම සිදුවෙයි.

දිනෙන් දින ලැබූ ජනප්‍රියත්වය සහ ඒ සමගින්ම ඉහළ ගිය සාමාජික ප්‍රමාණය නිසාවෙන් https://mydoctor.lk වෙබ් අඩවිය Bestweb.lk 2018 හී කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර ඛාණ්ඩයේ රිදීයෙන් සම්මානිත විය. https://mydoctor.lk වෙබ් අඩවිය සර්ව සම්පූර්ණ බව, මග පෙන්වීම, තත්ත්වය සහ කාර්යය ඉෂ්ඨ කිරීමේ හැකියාව, වෙබ් අඩවියේ පෙණුමේ නිර්මාණ දායකත්වය, අන්තර්ගතයේ වැදගත්කම, ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සේම පරිශීලකයා අද්දවා ගැනීමට භාවිතා කර ඇති විශේෂතා මතවෘත්තීය මෙන්ම අත්දැකීම් ඇති විනිශ්චය මණ්ඩලයක තීරණයෙන් මෙම සම්මානයට නිර්දේශ විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සුවසේවා විසඳුම් ගෙනෙන්නා වන MyDoctor.lk, දවසේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක දුරකතන උපදේශන සේවා පහසුකමද සමග, නිවසටම ඖෂධ ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක් තෙක් දියුණු කළ, වට්ටම්ද සහිතව ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නන්‍ සම්බන්ධ කරගත් ජාලයක මෙහෙයුම සිදුකරයි.

MyDoctor.lk හී අත්දැකීම් බහුල වෛද්‍යවරුන් පිරිස විසින් ලෝකයේ ඕනෑම තැනක සිටින පරිශීලකයෙකුට ඕනෑම මොහොතක දුරකතන ඇමතුම් හරහා වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවයද සිදුකරයි.

නව්‍යකරණයෙන් යුතු නව අදහස් සහ තාක්ෂණයෙන් පිරි සෞඛ්‍යය සම්බන්ධයෙන් පවත්වා ගෙන යන ගිණුමක අදහස ක්‍රියාත්මක කිරීම මගින් පරිශීලකයාට තමන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් වන දත්ත අන්තර්ජාලය හරහා තැම්පත් කර උවමනා මොහොතක භාවිතා කිරීමේ හැකියාව නොමිළයේ ලබාදීම මේ හරහා සිදුවන ප්‍රමුඛ කාර්යයයි. විද්‍යුත් සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් ඩිජිටල්කරණයට ලක්වූ මෙම වෙබ් අඩවිය සිය ආරම්භය වූ 2012 වැනි කාලයේදී තිබුනු සාම්ප්‍රදායික ක්‍රමවේද බිඳිමින් පරිශීලකයන්ට වඩාත් සමීඵ සෞඛ්‍යය සේවාවක් බිහි කරලීමට සමත් විය.

පවතින තත්ත්වය අනුව ඩිජිටල් කරණයට වඩා සමීප වූ සමාජයකට MyDoctor.lk විසින් ස්මාට්ෆෝන් වැනි උපාංග හරහා භාවිතයට සේවාවන් ඇප්ස් ලෙසින් ඉදිරිපත් කළ අතර ඒවා Play Store සහ App store හරහා ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් උපාංග වෙනුවෙන් භාගත කිරීමේ හැකියාව ඇත. එසේම දවසේ පැය විසිහතර පුරාම 0117 247 000 අංකයෙන් ඒ සේවා සියල්ල වෙත පහසුවෙන් සහ ඉක්මනින් ලඟා වීමේ හැකියාව ඇත.

MyDoctor.lk වෙබ් අඩවිය Bestweb.lk හී ලැබූ ජයග්‍රහණයත් සමගින් සිය සේවය සහ පරිශීලකයන් තැබූ විශ්වාසය එලෙසින්ම රැකගෙන සෞඛ්‍යය සේවය ඩිජිටල්කරණයට ලක් කිරීමේ කර්තව්‍යයේ කරමින් පැමිණි කාර්යය ඉදිරියට මෙලෙසින්ම සාර්ථකව ඉටු කිරීමට නියමිතය.

Given the trend that www.mydoctor.lk පසුගිය කාලය පුරාවටම තැබූ විශ්වාසය සමගින් එය නුදුරේදීම නිවසක අත්‍යවශ්‍ය සේවා සන්නාමයක් බවට පත්වනු ඇත.