ඉ-ස්වාභිමානී හී සෞඛ්‍යය සහ සුවසේවා අංශයේ ජය MyDoctor.lk වෙත

25 Jan 2019

ඉ-ස්වාභිමානී හී සෞඛ්‍යය සහ සුවසේවා අංශයේ ජය MyDoctor.lk වෙත

දිවයිනේ ප්‍රමුඛතම ඩිජිටල්කරණයෙන් සහ සමාජයීය වශයෙන් බළපෑමක් සිදුකළ වෙබ් අඩවි අගයන ඉ-ස්වාභිමානී 2018 සම්මාන උළෙල පසුගියදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. මෙම ජාතික උත්සවය සංවිධානය කිරීමේ වගකීම ICTA ආයතනය විසින් 2009 වසරේ සිට සපුරනු ලබයි. සම්මානවලට නිර්දේශ වූවන් විවිධ වූ අංශ 9ක් ඔස්සේ වර්ග කළ අතර, විවිධ වූ අංශ ඔස්සේ පෘථුල දැණුමක් ඇති පිරිසකින් යුතු ජූරියක් හරහා විනිශ්චයට ලක් විය. එහිදී සෞඛ්‍යය සහ සුවසේවා අංශයෙන් අනෙකුත් සියළු තරගකරුවන් අභිභවා MyDoctor.lk ජයග්‍රහණය ලබාගන්නා ලදී.

සාම්ප්‍රදායික සෞඛ්‍යය සේවය වෙනු‍වට රෝගී වූ පුද්ගලයා මූලික කර, සෞඛ්‍යය සේවයේ මූලික කොටස්කරුවන් ඩිජිටල් වේදිකාවකට ගෙනෙමින් මුල සිට අග දක්වා සම්බන්ධතාවය පවත්වන සුව සේවාවක අත්දැකීම පරිශීලකයාට ලඟා කරවන ක්‍රමවේදයක් සෞඛ්‍යය සේවයට හඳුන්වා දීම MyDoctor.lk ලෙසින් ඔබට අත්විඳිය හැක. පොදු අවකාශයකට ඇතුළත් වන ඒ ඒ පුද්ගලයන්ගේ සෞඛ්‍යය සම්බන්ධ දත්ත වඩා අත්දැකීම් බහුල සහ වෘත්තීය වෛද්‍යවරුන් අතරේ අගැයීමට බඳුන් කර විසඳුම් ලබාගත හැකි ක්‍රමවේදයක් මෙහි ප්‍රමුඛ වෙයි. එසේම වෛද්‍යවරුන්, රසායනාගාර සේවා, ඔසුහල්, රෝහල් සේහ සුවසේවා මධ්‍යස්ථාන මේ වෙනුවෙන් MyDoctor.lk හා එක්වෙයි. විසිර ගිය සෞඛ්‍යය සුව සේව එක මිටකට ගෙන ඒම සහ ඒ සියල්ල ඒ හරහා පරිශීලකයා වඩා ඉහළ නැංවීම MyDoctor.lk අරමුණයි. MyDoctor.lk නිර්මාතෘ වෛද්‍ය හර්ෂ ජයකොඩි පවසන පරිදි, රෝගවල මූලික අවස්තා හඳුනාගෙන ඒ සමගින් ඉදිරියට ප්‍රතිකාර සිදු කරන්නට පරිශීලකයන් දිරිගන්වන සහ ඔවුන්ට මග පෙන්වන ක්‍රමවේදයක් ජංගම දුරකතන සහ වෙබ් අඩවි හරහා ලඟාකරවීම MyDoctor.lk අරමුණයි.

මිනිසෙකුට දෛනිකව තම සෞඛ්‍යය යහ පැවැත්ම වෙනුවෙන් සිදු කළ යුතු දේ සහ සම්පූර්ණ සුවසේවයම ඩිජිටල්කරණය වූ තත්ත්වයක් අත්විඳින්නට තවමත් ශ්‍රී ලංකාව පෙර සූදානමක් ලබා නැත. ICTA හී ජූරියේ විනිශ්චය අනුව ගත් කළ, පොදු මහජනයාට මෙම සෞඛ්‍යය පද්ධතිය විසිරී ගිය සෞඛ්‍ය සේවාවන් එක්මිටකට ලඟා කරදෙන වේදිකාවකි. MyDoctor.lk වෙබ් අඩවිය සහ යෙදුම නව්‍ය තාක්ෂණය ඔස්සේ සිදු කළ සුවසේවා එකමුතුව කෙටි කලකින් සැළකිය යුතු ඉහළකට සිය ජනප්‍රියත්වය ගෙන ගියේය. වැඩිවශයෙන් අදහස් දැක්වූ ජූරිය සඳහන් කළේ, සෞඛ්‍යය පද්ධතියේ ඇති දෙයක් ලබාගැනීමට එහා ගිය ඒ ඒ පුද්ගලයාට අවැසි වූ සුව සේවාවක අත්දැකීම විඳින්නට MyDoctor.lk කදිම වේදිකාවක් බවයි.