ඔබට අවශ්‍ය කරන ඖෂධ පියවර තුනකින් ඔබේ නිවසටම ගෙන්වාගන්න.
MyDoctor විසින් ඔබව විශාල ඖෂධ වෙළඳසැල් ජාලයකට සම්බන්ධ කරනු ඇත. ඒ අනුව ඒ හරහා ඔබට අවශ්‍ය කරන ඖෂධ නිවසටම ගෙන්වාගන්නට හෝ නිවසට යනෙන අතරතුර මිළදීගන්නට හැකියාව ලැබෙනවා.
වෛද්‍යවරයා විසින් නිර්දේශිත ඔබගේ බෙහෙත් වට්ටෝරුවේ ඡායාරූපයක් ගෙන එය MyDoctor ඇප් එක හරහා අප්ලෝඩ් කරන්න.
නිවසටම ගෙන්වාගන්නවාද, නිවසට යනෙන අතරතුර ගන්නවාද යන ඔබේ පහසුව වෙනුවෙන් වන අවශ්‍යතාවයට සරිලන විසඳුම තෝරන්න.
නිවසටම ගෙන්වාගැනීම තෝරාගත්තේ නම් ඒ වෙනුවෙන් ඖෂධ ගෙන ආ යුතු ලිපිණය ඇතුළත් කරන්න.
MyDoctor සාමාජිකයන් හට අපගේ හවුල්කරුවන් වන ඖෂධ වෙළඳසැල් හරහා 15%ක් දක්වා වූ වට්ටම් අත්විඳින්නට හැකියාව තිබෙනවා. වාර්ෂික දායකත්වය ලබාගත් සාමාජිකයන් මෙම වාසිය අත්විඳීමට නියමිතයි. මේ වෙනුවෙන් MyDoctor ඇප් එක භාගත කර ඩිජිටල් සාමාජික කාඩ්පත භාවිතා කරන්න.