COVID-19
Update

අපි පිලිබදව

අපගේ ගමන

ඔබට වඩා පහසු සහ විධිමත් සෞඛ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙන් අප නව්‍ය තාක්ෂණයෙන් සහ තියුණු දැක්මකින් යුතුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා ලබාදෙන්නා බවට පත්වීම මූලිකවම සිදුවන්නේ වර්ෂ 2017දියි. එයට ලංකාවේ ප්‍රමුඛතම දුරකතන සන්නිවේදකයෙකු වන ඩයලොග් එකමුතුව සිදුවීමත් සමගින්ම එය ඩිජිටල් ලෝකයේ වඩා ඉහළ සහ නව මාවතක් සොයා ගියා.

අප විසින් වෘත්තීයමය වශයෙන් උසස් වෛද්‍යවරුන්, ගුණාත්මක ඖෂධ වෙළඳසැල් සහ රසායනාගාර, ප්‍රමුඛ පෙළේ රෝහල් යන සියල්ල විද්‍යාවේ මහිමයෙන් ඔබ හා සම්බන්ධ කරන්නේ වඩා කාරයක්ෂම සහ සියල්ල එකම ස්ථානයකින් සිදුවන මහිමය ඔබට ලබා දීමටයි. මෙම ක්‍රියාවලියෙහි අසමසම බව අපව අපගේ තරගකරුවන් අතරින් ඉහළින් ඔසවා තබන්නට සමත්ව තිබෙනවා.

සාම්ප්‍රදායික සෞඛ්‍ය සේවාවක් සැපයීම යන කාරණයට වඩා සුවිශේෂතා එක් කරමින්, MyDoctor විසින් මූලිකත්වය ගෙන සෞඛ්‍ය සහ සුවසේවයේ නව්‍ය වෙනසක් රෝගීන් හට අත්දකින්නට ඉඩ සලසා තිබෙනවා.

ඔබට වඩාත් ගැලපෙන, ගුණාත්මක සහ යාවත්කාලීන වූ සේවාවක් ලබාදෙන්නට අපගේ අත්දැකීම් බහුල වෛද්‍යවරුන් කණ්ඩායම සහ අනෙකුත් සුව සේවා සපයන්නන්ට හැකියාව ලැබී තිබෙනවා.

පාරිභෝගිකයන් කෙරෙහි අපගේ ප්‍රතිඥාව

අප හට විශ්වාසදායී පාරිභෝගිකයන් හට පහසුව, කාර්යක්ෂමතාවය සහ දැරිය හැකි බව පිරි සේවාවක් ලබා දීම අපගේ ප්‍රතිඥාවයි. ඔබගේ දිවිය වෙනස් කරවන සුළු තාක්ෂණික ඉසවුවකට අප අත පොවන්නට ඉඩ සලසනවා.

හවුල්කරුවන් කෙරෙහි අපගේ ප්‍රතිඥාව

ඩිජිටල් තාක්ෂණය හරහා දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ප්‍රජාවක් මගින් ඔබගේ ව්‍යාපාර දියුණුවට පත් කරගැනීමය අප උදවු කරන්නෙමු.

සාමාජික ආයතන වෙත අපගේ ප්‍රතිඥාව

තවදුරටත් දියුණු වෙමින් වඩා කාර්යක්ෂම සේම ක්‍රමවත් සහ නීරෝගී ශ්‍රම බලකායක් සමගින් ඵලදායීතාවය වැඩි කරගනිමින් ඉලක්ක වෙත යාමට අවශ්‍ය ශක්තිය සංස්ථා වෙත ලබාදීම අපගේ ප්‍රතිඥාවයි.


MyDoctor පුවත්

අන්තර්ජාලය හරහා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවයේ ප්‍රමුඛයා වෙමින් පමණක් නොව බොහෝ මිනිසුන්ගේ ජීවිත සුබවාදී වෙනසකට ලක් කිරීම අපගේ අභිප්‍රායයි.