ලෝක හදවත් දිනයේදී සුවැති දිවියක් සදහා අත්වැල දැයට පිදුම් ලබයි.

25 Jan 2019

ලෝක හදවත් දිනයේදී සුවැති දිවියක් සදහා අත්වැල දැයට පිදුම් ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව දියවැඩියාව, හෘද ආබාධ, පිළිකා සහ නිදන්ගත ස්වසන රෝග හේතුවෙන් වසරකට ලොව පුරාම සිදුවන මරණ ගණන කෙමෙන් කෙමෙන් වැඩි වෙමින් පවතී. ශ්‍රී ලංකාව තුල සිදුවන මරණ වලින් 70% ක් පමණ සිදුවන්නේ ඉහත කී බෝ නොවන රෝග හේතුවෙනි. නවතම සෞඛ්‍ය දත්ත අනුව ලාංකිකයන් 30% පමණ තරබාරු කමින්ද, 10% ක් දියවැඩියා රෝගී තත්වය නිසාද, 20% ක් පමණ අධි රුධිර පීඩනය නිසාද පීඩා විදියි.නිසි සෞඛ්‍ය පුරුදු වලට අනුගත නොවීම මෙම රෝග බහුල වීමටත් පාලනයෙන් තොර වී සංකූලතා සහ අකල් මරණ ඇති වීමටත් මග පාදයි. කල්ඇතිව තමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද නිසි පරීක්ෂණ සිදු කර ගැනීමෙන් මෙවන් රෝගාබාධ පැවතීමේ හෝ ඇතිවීමේ හැකියාව දැනගෙන ඊට සුදුසු පිළියම් යොදා ගැනීම බෝ නොවන රෝග නිවාරණයේ තවත් එක් පැතිකඩකි.

මෙවන් රෝග නිවාරණයට ව්‍යායාම් වල වැදගත්කම දුර දක්නා නුවනින් දුටු අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් ව්‍යායාම් මංතීරු ආදී සංකල්ප ප්‍රයෝගිකව ජනතාව අතරට ගෙන යන ලදී. සුවැති දිවියක් සදහා සෞඛ්‍යමත් ජිවනරටාවක් ගත කිරීම පිළිබද ජාතික නායකයෙක් ලෙස එතුමා පුර්වාදර්ශයකි.

දිනපතා ව්‍යායාම් වල යෙදීම, දේශීය ආහාර සදහා තිබෙන නැඹුරුව, ක්‍රියාශීලි දිවි පෙවෙත සහ යෝග ව්‍යායාම් වල නිරත වීම එතුමන්ගේ දින චර්යාවේ කැපිපෙනෙන ලක්ෂණයි.

ඉහත කී බෝ නොවන රෝග පාලනය සදහා යහපත් සෞඛ්‍ය පුරුදු ජිවිතයට එක් කරගන්නා ආකාරය පිළිබද දැනුම ජනතාව අතරට ගෙනයමින් නිරෝගිමත් ජාතියක් බිහි කිරීමේ උදාර අරමුණ ඇතිව MyDoctor ආයතයේ නිපැයුමක් වන "සුවැති දිවියක් සදහා අත්වැල" නොමිලේ සෞඛ්‍ය තොරතුරු සේවාව අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් සැප්තැම්බර් 29 දාට යෙදුනු ලෝක හදවත් දිනයේදී දැයට පිදුම් ලාබීය. දියවැඩියාව, අධි රුධිර පීඩනය, තරබාරුකම, අධි කොලෙස්ටරෝල් මට්ටම පාලනය සහ ජේෂ්ඨ පුරවැසියන් සදහා වූ සුවිශේෂිව සැකසුන සෞඛ්‍ය උපදෙස් වලට දිනපතා සවන් දීමට මෙම සේවාව තුලින් හැකියාව ලැබේ.

"මම නිරන්තරයෙන් ම‍ගේ සෞඛ්‍ය පිළිබද අවධානය යොමු කරනවා. නීති පතා ව්‍යායාම කිරීම, යහපත් ආහාර පුරුදු වගේම නිසි කලට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කරගැනීම රෝග වලක්වාගැනීමට හුගක් වැදගත්. නමුත් මේ දැනීම හැමෝටම නැහැ. එම අඩුව මම සේවාවෙන් සපිරෙනවා කියන එකයි මගේ හැගිම . මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා මෙවන් වැදගත් සේවාවක් අරම්භ කිරීම සම්බන්ධව " යැයි අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඒ අවස්ථාවේදී කරුණු දැක්විය.

ඔබගේ දුරකතනයෙන් 2407 හෝ 0117 247 000 අමතා කිසිදු අමතර ගාස්තුවකින් තොරව මෙම සේවාවට සවන් දිය හැක. MyDoctor ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර විජේරත්න මහතාද මෙසේ අදහස් පල කළේය. "MyDoctor ආයතනයේ දැක්ම තමයි තොරතුරු තාක්ෂණය උපයෝගී කරගෙන සෞඛ්‍ය සේවා ලබාගැනීම ජනතාවට පහසු කිරීම සහ ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජනතාව අතර සෞඛ්‍යමත් ජිවන රටාවක් ප්‍රවර්ධනය කිරිමයි. සිංහල මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක "සුවැති දිවියක් සදහා අත්වැල" සේවාව ඉදිරියේදී සෑම ලාංකිකයෙකුගේම යහපත පිණිස භාෂා තුනෙන්ම ක්‍රියාත්මක කිරීම අපේ සැලසුමයි".

"සුවැති දිවියක් සදහා අත්වැල" සෞඛ්‍ය සේවාවට අමතරව www.mydoctor.lk වෙබ් අඩවිය ඔස්සේද ජනතාවට නොමිලේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන්ද තම සෞඛ්‍ය දැනුම් පිපාසය සංසිදුවා ගැනීමට ඉඩ ලැබී ඇත. තමන් පිලිපදිනවා වැනි සෞඛ්‍ය පුරුදු සහ උපදෙස් මෙම සේවාව හරහා සමාජගත කිරීමේ භාග්‍ය තමාට ලැබීම පිළිබද ප්‍රසාදය අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පළකළේය.