පිළිකාව මගහරවා ගැනීමට ඔබ ගත යුතු වැදගත්ම පියවර...


MyDoctor.lk


පිළිකාව යන වචනය අසූ පමණින්ම ඔබ භිතියට පත්වෙනවාද? පිළිකාව මගහරවාගැනිමට ගත යුතු වැදගත්ම පියවර සාකච්ඡා කරමු.


අස්වැසිල්ලට හේතුවක්

පිළිකාව යන වචනය අසූ පමණින්ම ඔබ භිතියට පත්වෙනවාද? වෛද්‍ය විද්‍යා තාක්ෂණයේ දියුණුව සමග පිලිකා මරණ අවම කිරීමට සහ කල් ඇතුව පිලිකා හදුනා ගැනීමට ඇති හැකියාවත් , හඳුනාගත පිළිකා වලට නවීන තාක්ෂනය ඔස්සේ නිසි ප්‍රතිකාර ක්‍රම බිහිවිමත් අස්වැසිල්ලකි. එමගින් පිළිකා රොගීන්ගේ ආයු අපේක්ෂාව වැඩි විඉමත් ඇතැම් අවස්ථා වල සම්පපුර්ණ සුවය ලබීමත් දක්නට ලැබේ.


පහත සදහන් ප්‍රතිකාර ලොව පුරා ප්‍රධාන පෙලේ පිළිකා ප්‍රතිකාර ක්‍රම ලෙස පිලිගනී

ශල්‍යකර්ම විකිරණ ප්‍රතිකාර පිලිකා නාශක ඖෂධ ප්‍රතිකාර ඉහත ප්‍රතිකාර ක්‍රම අතරින් ලබාදෙන ප්‍රතිකාරය පිලිකා වර්ගය, පිලිකාවේ ව්‍යාප්තිය, දැනට ප්‍රතිකාර ලබන වෙනත් රෝග තත්ව, රෝගියාගේ මූල්‍යමය ශක්තිය, ප්‍රතිකාර මධ්‍යස්ථානය සතුව පවතින පහසුකම් හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ තීරණය මත රඳා පවතී.


පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථනය පිලිබඳව සැලකිලිමත් විය යුතු කරුණු

ප්‍රධානපෙලේ ප්‍රතිකාර ක්‍රමයක් වන විකිරණ ප්‍රතිකාර ලංකාවේ රජයේ මෙන්ම පෞද්ගලික රෝහල් වලදීද ලබාගත හකි අතර, ඒ සඳහා යොමුවන රොගීන් තමාගේ ප්‍රතිකාර මධ්‍යස්ථනය පිලිබඳව සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් සාකච්ඡාවට බදුන් වී ඇත. ඒ අතරින් ; • පිලිකා රෝග විශේශඥ වෛද්‍යවරුන් මණ්ඩලයක මග පෙන්වීම යටතේ වඩාත් ම කාර්යක්ශම සහ අතුරු ආබාධ අඩුම ක්‍රමවේදය පිලිබඳ දැනුවත් වීමට අවස්ථාව ලැබීම. • ඔබට වැලඳී ඇති පිලිකා වර්ගය සාර්ථකව සුව කිරීම සම්බන්ධව සායනිකව සනාථ කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථානයකට කල් ඇතුව යොමු වීම. • රෝගය හඳුනා ගැනීමේ සිට ප්‍රතිකාර ක්‍රම සම්පූර්ණ වන තෙක් රෝගය පිලිබඳ ඔබ හා පවුලේ සාමාජිකයන් දැනුවත් කිරීම. • දැරීමට සිදුවන වියදම • වෛද්‍ය රක්ෂණය මගින් මෙම වියදම් ආවරණය කර ඇතිද යන වග වැදගත් වේ.


පිළිකා ප්‍රතිකාර සදහා නවතම තාක්ෂනය දැන් ලංකාවේ

භාවිතා වන තාක්ෂනය පිළිබද විමසීමෙදී මෙරටට නවතම දායාදයක් ලබා දෙමින් පිළිකා රෝගිඉන්ට නැවුම් බලපොරෝතුවක් ඇති කිරීමට “සෙලින්කෝ සෞඛ්‍ය සේවය” කටයුතු කර ඇත. අතුරු ආබද ඉතාමත් අඩු කරමින්, වඩාත් ඉලක්ක ගත Intensity Modulated Radiotherapy (IMRT) විකිරණ ප්‍රතිකර්මය The Varian Clinac iX linear accelerator යන්ත්‍රය හරහා හදුන්වා දී ඇත. මෙමගින් සාම්ප්‍රදායික විකිරණ ප්‍රතිකර්ම වලදී රෝගීන්ට ඇතිවන් අපහසුතාද , කාලය වැය වීමද අවම කර ඇත.


ලංකාවේ පිළිකා කොපමණ සුලභද?

බෝ නොවන මරණ අතරින් දෙවන ස්ථානයෙ පසුවන පිලිකා 2018 වසරේදි පමනක් ලොවපුරා මිලියන 9.6 ක මරණ සංඛ්‍යාවකට වග කියන බව කනගාටුවට කරුණකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම මරණ 6කින් එකකටම මුල පිලිකාවකි. ශ්‍රී ලංකාව තුල තත්වය වසර කිහිපයකට ප්‍රථම කරන ලොක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව තුල 2014 වසරේදී පිලිකා රොගීන් 14000 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 53% ක් (7200) කාන්තාවන් වේ. සුලභත්වයේ අනුපිලිවල අනුව ඔවුන් අතර පියයුරු පිලිකා , ගැබ්ගෙල පිලිකා, ගර්භාශය පිලිකා සහ තයිරොයිඩ ග්‍රන්ථියේ පිලිකා හදුනාගන්නට තිබුණි. එම වස‍රේදීම පිලිකා සහිත රෝගින්ගෙන් පිරිමින් 6800 දෙනා හමුවී ඇති අතර මුළු රූගීන ප්‍රතිශාතයෙන් එය 47% ක් විය. පොවුන් අතරින් සුලභතාවය අනුව මුඛ පිලිකා, පෙනහලු පිලිකා, ආමාශගත පිලිකා සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා හදුනාගන්නන්ට තිබුණි. තවද බඩවැල් වල පිළිකා මෙන්ම අක්මාව සම්බන්ධ පිලිකාද පිරිමින් අතර සුලභව දක්නට ලබී ඇත. දෙපාර්ශවයෙම වයස අවුරුදු 70- 74 රෝගින් සුලභ විය.


ඔබට පිලිකා සදහා අවදානම් සාධක තිබේද?

වයස - අපගේ සිරුරේ විවිධාකර සෛල වල ආයු කාලය වෙනස් ය.මේ සෑම සෛලයක් ම ගුණනය වීමේදී පිලිකා සෛලයක් බවට පත්වීමේ අවදානමක් ඇත.ඔබ වියපත් පුද්ගලයෙක් නම් මෙම ප්‍රවණතාවය තවත් වැඩිය. මත්පැන් පානය දුම් පානය- විශේෂයෙන් දුම්පානය, පිලිකා රැසකටම හඳුනාගත් සාධකයක් වේ. නිකොටින්,කැඩ්මියම්, ආසනික් සහ තාර ඇතුලු පිලිකා කාරක රැසක් ඇතුලත් වීම මීට හේතුවයි. පිලිකා කාරක ද්‍රව්‍ය වලට නිරාවරණය වීම(විකිරණ හා රසායන ද්‍රව්‍ය ) ආහර රටාව- බහුලව මාංශ ආහාර,කිහිපවරක් ගැබුරු තෙලේ බදින ලද ආහාර පරිභෝජනය සහ නැවුම් එලවලු පලතුරු, පූර්ණ ධාන්‍ය සෞඛ්‍ය හිතකර මේද අම්ල ආහාරයට නොගැනීම ඔබට පිලිකා අවධානම වැඩි කරනු ඇත. නමුත් කොතරම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකින් වුවද ඔබට පිලිකා අවධානම ශුන්‍ය කල නොහැකිය. හෝමෝන බලපෑම- කාන්තාවන්ගේ ඇතැම් පිලිකා ආර්තවහරණයෙන් පසුව හටගැනීමේ අවදානමක් පෙන්වයි. දිගුකාලීන ආසාධන තත්ව /ආසාධනකාරක වලට නිරාවරණය වීම ප්‍රතිශක්තිකරණ ඌණතාව තරබාරු බව හිරු එලිය( ඇතැම් සමේ පිලිකා සඳහා) වෛද්‍ය විද්‍යා තාක්ෂණයේ දියුණුව සමග පිලිකා මරණ අවම කිරීමට සහ කල් ඇතුව පිලිකා හදුනා ගැනීමට හැකියාව ඇත.


පිලිකා වැලැක්වීම සඳහා ඔබට කල හැකි දේ

සාමාන්‍යයෙන් බෝ නොවන රෝගයක් වුව ද පිලිකා ඇතිවීම යනු අපගේ සාමාන්‍ය සෛල ජනනයේ/ ක්‍රියාකාරීත්වයේම ඉතා සුලු අපගමනයක් නිසා ඇතිවන, මරණය පවා ගෙනදෙන භයානක තත්වයකි. කෙසේ වුවත් දැනට හන්දුනාගත් අවදානම් සාධක වලින් මිදී යහපත් සෞඛ්‍ය පුරුදු ඔබට අනුගමනය කල හැකි නම් පිලිකා රෝගයට ඔබ ගොදුරු නොවනු ඇත. ඔබගේ පරම්පරාගත පිලිකා තත්වයකදී නම් නිසි කාලයේදී වෛද්‍යවරුන් වෙත යොමුවී අදාල පූර්ව රෝග පරීක්ෂණ ( screening tests ) සිදුකර ගැනීමෙන් ඔබගෙ අවදානම අඩු කරගත හැකිය. ඇත්තෙන්ම පූර්ව රෝග පරීක්ෂණ වලට යොමු වීම පිලිබඳ සිතිය යුත්තේ ඔබ පවුලේ සාමජිකයන් පිලිකා රෝගයට ගොදුරු වී ඇත්නම් පමණක් ම නොවේ. ශ්‍රී ලංකාවේ සුලභව ම කරන පූර්ව රෝග පරීක්ෂාවන් ලෙස ගැබ්ගෙල පිලිකා සඳහා පැප් පරීක්ෂණය ද, පියයුරු පිලිකා සඳහා මැමෝග්‍රම් පරීක්ෂණය ද සිදුකෙරේ. බොහෝ පිලිකා සඳහා වෛද්‍ය නිර්දේශිත පූර්ව රෝග පරීක්ෂාවන් නොමැත. නමුත් ඔබගේ සෞඛ්‍ය රක්ෂණාවරණයෙන් පිරිනැමෙන වාර්ෂික පරීක්ෂාවන් අතර දී ඇතැම් ලේ පරීක්ෂණ (PSA, CEA 125, CEA 19-9 , AFP ) ද මෙම ක්‍රියාවලිය සඳහා යොදාගැනේ.


මතක තබා ගතයුතුයි

පිළිකාව වලක්වා ගනිඉමට නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් ද , කල්තියා හදුනන ගැනීමටත නිසි පරීකෂන සදහා යොමුවීමෙන්ද , හදුනාගත් පිළිකාව සඳහා හොඳම ප්‍රතික්කර සදහා යොමුවීමෙනුද ඔබට පිලිකා අභිබවා ජය ගනිඉමට මග උදා වෙයි.






Tell your friends about this article




Leave your comments


Post comment as a guest




Comments


No Comments Found.