පිරිමින්ට වඩා කාන්තාවන්ට ”දුක” වැඩිපුර දැනෙන්නේ ඇයි ?


Ayur Psychiatrist Dr Saman S.Hettige

Medical Director Nilammahara Manasa Ayurvedic Hospital 0777344141


හිතට දැනෙන දුක විවිධාකාරයෙන් ඔබෙන් පිලිබිබු වේ. මේ ඒ ගැන විමසුමක්.


දුක කියලා කියන්නේ අපිට දැනෙන හැගීමක් මනුෂ්‍යයන් වන අපට දුක, සතුට, කණගාටුව, කණස්සල්ල, ආදරය, කරුණාව, සෙනෙහස, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, යන මේ හැම හැගීමක්ම දැනෙන එක කාටත් පොදු දෙයක්. නමුත් යම් කිසි කෙනෙකුට මේ ඉහත සදහන් කල හැගීම් අඩු හෝ වැඩි වශයෙන් දැනෙනවා නම් එය සාමාන්‍යය තත්වයක් නෙමෙයි. මෙය සරළ උදාහරණයකින් පෙන්නලා දුන්නොත් යම් කිසි කෙනෙකුට වෙනදාට වඩා දුක වැඩිපුර දැනෙනවා නම් කණස්සල්ල, කණගාටුව වැඩිපුර දැනෙනවා නම් තමාට තිබෙන සතුට තමාට අත්විදීමට තමාට නොහැකි නම් ජීවිතය අසුභවාදී සෘණාත්මක අහේතුකවාදී දුක් මුසු පාර්ශවය පිළිබ`ද වැඩිපුර හුවා දක්වනවා නම් එය සාමාන්‍යය තත්වයක් නෙමෙයි. සමහර විට මෙය රෝගී තත්වයක් වෙන්නත් පුළුවන්. අපි මේ ඉහත කතාකරපු දුක කෙනෙකුට වැඩිපුර දැනෙනකොට මෙය පිටස්තර අයට පෙනෙන්නට පටන් ගන්නේ ඔහු හෝ ඇය දුකෙන් ඉන්නවා කියලා නෙමෙයි. මේ තමන්ට දැනෙන දුක කෙනෙකුගේ චර්යාව හරහා එහෙම නැත්නම් හැසීරීම් රටාව හරහා ප‍්‍රතිනිර්මාණය වන්නේ එහෙම නැත්නම් අනිත් අයට පෙනෙන්ට පටන් ගන්නේ සමහර විට යම්කිසි පුද්ගලයකු තුළින් පිළිබිඹු වන්නා වූ අධික කෝපයක් හැටියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නින්ද නොයාමක් හැටියට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිතර ඇතිවන නොරිස්සුම් ස්වභාවයක් නිසා වෙන්න පුළුවන්. තවත් කෙනෙකු මෙය තමන්ට දැනෙන ශාරීරික අප‍්‍රාණකත්වයක් හැටියට එහෙම නැත්නම් මුළු ශරීරය පුරාම දැනෙන දාහයක් වශයෙන්, දැවිල්ලක් වශයෙන්, ඇගේ පතේ නිතර ඇතිවන වේදනාවක් වශයෙන් එහෙමත් නැතිනම් ජීවිතය එපා වීමේ සිතුවිල්ලක්, සියදිවි නසාගැනීමේ සිතුවිල්ලක් සමග ඉදිරිපත් වෙන්න පුළුවන්.


ඩොක්ටර් මගේ නෝනා ටික කාලයක ඉදලා හරිම වෙනස්

මට මතකයි මෑතකදී මා වෙත ප‍්‍රතිකාර සදහා තම බිරිද රැගෙන ආ ස්වාමි පුරුෂයා, මට එකවරම කියා සිටියේ ඩොක්ටර් මගේ නෝනා ටික කාලයක ඉදලා හරිම වෙනස්. අපි කසාද බැදලා දැන් අවු.10 ක් විතර වෙනවා. අපිට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මෙයාට ටික දවසක ඉදලා හරියට කේන්ති යනවා. කේන්ති ගියාම ඒක පාලනය කරගන්න බෑ. ළමයින්ටත් හරියට කෑගහනවා. මටත් එහෙමයි. ගෙදර වැඩපොල කරනකොටත් ඉස්සර වගේ උනන්දුවක් නෑ. පිරිසිදුකම ගැන වුණත් එච්චර උනන්දුවක් නෑ. නිතරම ඔලූව කැක්කුමක් ගැන කියනවා. රැට නින්ද යනවත් අඩුයි. ඊට පස්සේ මම මේ කාන්තාවගෙන් ඇහුවා මොකක්ද ඔබට තියන ප‍්‍රශ්නය කියලා. ඇය ගතත් කටටම කිව්වේ මට දැන් හැමදේම එපා වෙලා කියලා. මම එතකොට ඇහුවා ඔබට මේ හැමදේම එපා වෙන්න මොකක් හරි හේතුවක් තියනවද කියලා එතකොට ඇය කියා සිටියේ මම දන්නේ නෑ ඩොක්ටර්, මට තේරෙන්නෑ ඩොක්ටර් කියලා. මෙන්න මේ තමන්ට නොතේරෙන අනිත් අයට තේරෙන තත්වය සමහර විට ඔබ නොහදුනන මානසික රෝගයක රෝග ලක්ෂණ මූලාරම්බය වෙන්න පුළුවන්.


ඇය ගත් කටටම කියා සිටියේ මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ.

මේ කතාව පුරාවටම ඇය දුකින් සිටින බව කාටවත් තේරිලා තිබුණෙ නෑ. ඇය ගත් කටටම කියා සිටියේ මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ. නමුත් ඇයට මේ සදහා විශේෂ හේතුවක් හොයාගන්න බැරිවෙලා තිබුණා. ඒ නිසාම තමයි මේක රෝගයක් වෙන්නේ. මොකද මේ වගේ රෝගයක් කෙනෙකුට ඇතිවෙන්නේ කෙනෙකුට සාමාජීය, ආර්ථික ගැටලූ තියෙන නිසාම නොවෙයි. මේ සදහා ජානමය හේතු, තමා ජීවත්වන පරිසරයේ ඇතිවන ගැටලූකාරී තත්වයන් නිසාත් මෙවැනි තත්වයන් ඇතිවෙන්න පුළුවන්. තවත් සරල කරලා කිව්වොත් තමන්ගේ පරම්පරාවෙන් මේ වගේ රෝගයක් වැළදෙන්න අවදානමක් තියෙන කෙනෙකුට, එහෙම නැති කෙනෙකුට වඩා පරිසරයෙන් තමාට අත්විදීමට සිදුවන යමිකිසි අමිහිරි අත්දැකීමක් නිසා හෝ මානසිකව අත්විදීමට සිදුවන පීඩාකාරී තත්වයක් නිසා හෝ මෙම රෝගය වැළදීමේ පසුබිම නිර්මාණය වෙන්න පුළුවන්.


ඇය හඩනවා,වැළපෙනවා, පාසල් වියේ සිට පෙම්වතා ගෙනැල්ල දෙන්න කියලා.

හිමාලිගේ වයස අවු. 22යි. ඇය විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක්. ඇය මා වෙත රැගෙන එනකොට මහ හයියෙන් හඩනවා,වැළපෙනවා, ඒ වෙන මොකකටවත් නෙමෙයි ඇය පාසල් වියේ සිට පෙම් බැන්ද තමාගේ පෙම්වතා නැවත ගෙනැල්ල දෙන්න කියලා. ඇය දවස තිස්සේ විලාප දෙන්නේ තමාගේ පෙම්වතා තමා ලගට ගෙනැල්ල දෙන්න කියලා. ඇයගේ ඇග පුරාම තමාගෙ පෙම්වතාගේ නම, කුරුටු ගී ලියලා වගේ ලියාගෙන. දවස් දෙක තුනක ඉදලා හරියට කෑමකුත් නැහැලූ. රැට හරියට නින්දකුත් නෑ කියලා අම්මයි තාත්තයි කියනවා. ඇගේ තියෙන ඇදුම ගැනවත් හරියට කල්පනාවක් නෑ.


ඉස්සර වගේ මට හැමතිස්සෙම කෝල් කරන්නේ නෑ

මම ඇහුවා හිමාලිගෙන් ඇයි මෙහෙම අඩන්නේ කියලා. ඇය එක පාරටම කියන්න ගත්තේ “මට දැන් මාස ගානක ඉදලා එයාගෙ වෙනසක් තේරෙන්න පටන් ගත්තා. ඉස්සර වගේ මට හැමතිස්සෙම කෝල් කරන්නේ නෑ. මම කෝල් කරහමත් කට් කරනවා. ඇහුවහම කියන්නේ එයාට එයාගේ ඔෆිස් එකේ වැඩ වැඩියි කියලා. ඒක හින්දා මම හැමතිස්සෙම එයාට කෝල් කරලා බලනවා. සමහර වෙලාවට ඔෆිස් එකටත් කෝල් කරනවා. මට එයාගැන ටික කාලයක ඉදලා සැකයක් ඇතිවෙන්න පටන් ගත්තා”. හිමාලිගේ කතාවට බාධා කරමින්, “ඔයා කොච්චර කල් ඉදලද ඔයාගේ පෙම්වතා අදුරන්නේ”. හිමාලිගේ ඇස් දෙක රතුවෙන්න පටන් ගත්තා. ලස්සන මුහුණ කදුළුවලින් තෙත් වෙන්න පටන්ගත්තා. “අනේ ඩොක්ටර් මම එයාට ආදරය කරන්න පටන් ගත්තේ සාමාන්‍යය පෙළ පන්තියේ ඉන්නකොට.” ඇයගේ ඇඩිල්ල තවත් වැඩිවුණා. ඇය ඉකි ගසා අඩන්න පටන් ගත්තා.


කෙනෙකුට හිතෙන්න පුළුවන් දුක යන දුරක තරම කියලා

මේ දුක අපි හැමෝටම එදිනෙදා ජීවිතයේදී දැනෙන දුකට වඩා ගොඩාක් වෙනස්. හැගීමක් වශයෙන් මේ දෙකම එකක් වුණාට මෙය රෝගයක් වශයෙන් ඔබව වෙළාගන්න කොට ඒ දුකෙහි තිබෙන තිව‍්‍රතාවය අපි අර කතාකරපු පළවෙනියට ඇතිවන දුකෙහි තිව‍්‍රතාවයට වඩා ගොඩාක් ප‍්‍රබලයි. අපිට සාමාන්‍යය ජීවිතයේදී අපට මුහුණපාන්න වන යම්කිසි සිද්ධියක් නිසා දැනෙන දුක කණගාටුව කණස්සල්ල දින කිහිපයකින් සති කිහිපයකින් මාස ගණනකින් පහ වෙලා යන බව අප කවුරුත් දන්නා කරුණක්. නමුත් මෙය රෝගී තත්වයක් වශයෙන් යම් කිසි කෙනෙකුට වැළදුනු විට මෙහි ප‍්‍රබලත්ව දිනෙන් දින වැඩිවෙනවා. සමහර විට මේ නිසා මෙය වැළදුනු පුද්ගලයා වගේම ඔහු හෝ ඇය වටා සිටින තම පවුලේ සමාජයේ අනෙකුත් පුද්ගලයනුත් බැටකන්න පුළුවන්. මොකද මෙම තත්වයමානසික රෝගයක් වුණාට සමාජයෙ බාහිරින් බලන කෙනෙකුට පෙනෙන්න දැනෙන්න පටන් ගන්නේ සාමාජයීය ගැටලූවක් හැටියට. කෙනෙකුගේ පවුලේ ඇතිවන ආරවුලක් හැටියට. එහෙම නැත්නම් අඹු සැමියන් අතර ඇතිවන අඩදබරයක් හැටියට.එහෙමත් නැත්නම් මේ තත්වය නිසා දික්කසාද වෙන්න පුළුවන්. සියදිවි නසාගැනීම් ඇතිවෙන්න පුළුවන්. මේ තත්වයට මැදිහත් වන පවුලේ අනෙකුත් සාමාජීකයන්ගේ මානසික සෞඛ්‍යයට බරපතල තර්ජනයක් ඇතිවෙන්න පුළුවන්. ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවකට මේ තත්වය වැළදුනහොත් ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන කටයුතු මන්දගාමී තත්වයට පත්වෙන්න පුළුවන්. වෘතිකයෙකුට මේ තත්වය වැළදුන හොත් ඔහුගේ කාර්යක්‍ෂමතාවය, ඵලදායිතාවය අඩුවෙන්න පුළුවන්.


ඇයි මේ තත්වය වැඩිපුර කාන්තාවන්ට වැළදෙන්නේ ?

ලෝකයේ විවිධ තැන්වල කරපු පරීක්‍ෂණ අනුව සනාථ වී තිබෙනවා මෙම රෝගී තත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තාවන් බව. එය කොහොමද කියනවා නම්, තම ජීවිත කාලය තුළ පිරිමින් 10 දෙනෙකුගෙන් එක් අයකුට විශාදය වැළදීමේ ඉඩකඩ තියෙන අතර ගැහැණුන් හතර දෙනෙකුගෙන් එක් අයකුට මෙම රෝගය වැළදීමේ ප‍්‍රවණතාවයක් තිබෙන බව අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මේ පිළිබදව සමාජ විද්‍යාඥයින්ගේ මතය වී තිබෙන්නේ පුරුෂධිපත්‍යය පවතින සමාජයක වැඩි වශයෙන් කාන්තාවන් පීඩනයට පත්වීමේ සාධකය නිසා ඇතිවන්නා වූ තත්වයක්,බනත්, වර්තමාන සමාජ රංගපීඨිකාවතුල ගැහැණිය විසින් නිරූපනය කරන්නා වු පීඩනකාරී වගකීම් සහිත නිරන්තරයෙන් ආතතිය ජනිත කරවන භූමිකාවත් මේ සදහා ඉවහල් විය හැකි බවයි. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ ප‍්‍රජාව මේ පිළිබදව දැනුවත් වීමයි. ලෝක සෞඛ්‍යය සංවිධානයෙහි දත්තවලට අනුව මුළු ලෝකයේ තිබෙන මානසික රෝගවලින් තුනෙන් එකකටට ආසන්න සංඛ්‍යාවක් ලක්ෂ 1500ක්ට පමණ දැනටමත් මෙම රෝගය වැළදී තිබෙනවා. සමාජයක් හැටියට මෙවැනි රෝගී තත්වයන් දිනෙන් දින වැඩිවීමට මෙවැනි රෝගී තත්වයන් පිළිබදව සමාජයේ තිබෙන අනවබෝධය දැනුම අඩු කම බොහොවිත් බලපානවා.


විශාදය , ”භින්නෝන්මාදය” වැනි මානසික පිලිබදව අපි කතාකරනවා බොහොම අඩුයි


ප්‍රථම කතාවේ සඳහන් කාන්තාව දැන් දැන් තම ස්වාමිරුෂයා සහ දරුවන් සමග බොහොම සතුටින් ජීවිතය ගතකරනවා.


ඇයි මේ තත්වය වැඩිපුර කාන්තාවන්ට වැළදෙන්නේ ?

පිරිමින්ට වඩා කාන්තාවන්ට ”දුක” වැඩිපුර දැනෙන්නේ ඇයි ?




Tell your friends about this article




Leave your comments


Post comment as a guest




Comments


No Comments Found.