සුන්දර පවුලකට නොබිදෙන සබඳකමකට...(2)


වෛද්‍ය. කමල් එස්. ජයසේකර

මනෝවෛද්‍ය (ආයුර්වේද / විශේෂ) ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ACHP (Gte)Ltd. 0714 167 287 kamalnamindra@gmail.com


පොදුවේ Psychological Counseling සම්බන්ධයෙන් පවත්නා සමාජයේ විවිධ මතයන් කිහිපයන් පිළිබඳව සාකච්ඡා කරමු.


උපදේශනයට යොමු නොවීමෙන් අදරණීය සුන්දර පවුලක් ඇතිකර ගන්නවද?

පෙර කලාපයේ පලවූ ලිපියෙන් මනෝවිද්‍යා උපදේශනය පිලිබඳවත් එයට ඇති නැඹුරුව හා පුද්ගල ආකල්පයන් පිළිබඳවත් සාකච්ඡා කලෙමු. අද අපි, පොදුවේ මනෝඋපදේශනය (Psychological Counseling) සම්බන්ධයෙන් පවත්නා විශේෂයෙන්ම පවුල් උපදේශනයට යොමු නොවීමට බලපාන මනෝඋපදේශනය හා බැඳුනු සමාජයේ පවත්නා විවිධ මිථ්‍යා මතයන් කිහිපයන් පිළිබඳව සාකච්ඡා කරමු. මන්ද යත් මෙවැනි හේතූන් නිසා බොහෝ දෙනකු උපදේශනයට යොමු නොවීමෙන් අදරණීය සුන්දර පවුලක් ඇතිකර ගැනීමට තිබූ අවකාශය නැතිකර ගනිමින් සිටින බව හොදා කාරවම පෙනී යන බැවිනි.


උපදේශක වරයකු ඉදිරීයේ තමාගේ අඩු පාඩුත් හෙලිවීම

පවුලේ දේවල් පවුල ඇතුලෙන්ම විසඳා ගන්න ඕන. මොකටද පිට අයට කියන්නේ. ඒ ගොල්ලන් කොහොමද අපේ පවුලේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. මේ තවත් එවැනි ජනප්‍රිය කියමනකි. පවුලක ප්‍රශ්න හැම තැනම හැම දෙනාටම කිය කිය යාම සුදුසු දෙයක් නොවෙයි. නමුත් වෘත්තීය උපදේශක වරයකු සමඟ කථාබහ කිරීම යනු එක එක්කෙනා සමඟ කීමක් නොවන බව තේරුම් ගත යුතුය එය වෘත්තීය විද්වත් ගනු දෙනුවකි. එහෙත් සිදු වන්නේ කුමක්ද ?. මෙලෙස කීවද, උපදේශක වරුන් හා කථා බහ කිරීම ප්‍රතික්ෂේප කරණ මේ දැන මුත්තෝ ඔවුන් විසින්ම යහළුවන් යැයි හඳුන්වා ගන්නා පුද්ගලයන් හා තම පවුලේ අතිශ්‍ය රහසිගත පෞද්ගලික තොරතුරු පවා පවසයි. නිතර යන සිල්ලර කඩේ මුදලාලි ත්‍රීවීලර් එකේ රියදුරු වෙනත් ඥාතීන් ආදීහු සමගත් මෙලෙසම කටමැත දොඩවයි. මෙය කොතරම් භයානකදැයි ඔවුන් නොසිතන නමුත් එලෙස කියන්නේ ඇයි දැයි යන්න සොයා බැලූවිට පෙනී යන්නේ විද්වත් උපදේශක වරයකු ඉදිරීයේ තමාගේ අඩු පාඩුත් හෙලිවී තමාටත් වගකීමක් පැවරෙතැයි සිතන ඔවුන් තමා සුද්දවන්තයකු වී අන් අයගේ අනුකම්පාවට පාත්‍රවී තමා අහිංසකයකු යැයි පෙන්වා ගැනීමට දරණ උත්සාහයක් බවයි.


මනෝඋපදේශනය යනු නඩු අසන, වැරදි කරුවන් සොයන, දඬුවම් පමුණුවන ආකාරයේ ක්‍රියාවලියක් නොවන බව තේරුම් ගත යුතුමය.

මේ තවත් මිථ්‍යාවකි, ඕවට ගියහම බ්රේන් වොශ් (Brain wash) කරණව ඒගොල්ලන්ට ඕන අදහස් දානව හිත් වෙනස් කරණව..., කොතරම් විශ්මයක් ද? අපූරුවක් ද?. බ්රේන් වොශ් කිරීම ඔය හිතන තරම් සරළ පහසු ක්‍රියාවලියක් නොවෙයි. එකවර සුළු වේලාවකදී කලහැකි දෙයක්ද නොවෙයි. උපදේශකවරුන් එවැන්නක් ඉගෙන ගන්නේද නැත. මේකත් අවස්ථාව මගහැර පලායාමට දමන උප්පරවැට්ටියක්ම පමණි. තවත් අයගේ අදහස මෙවැන්නකි. කවුන්සලින් කරණ අය “මෝහනය’ (hypnotism) කරලා හිත් වෙනස් කරණව. මෝහනය මනෝඋපදේශනයේදී භාවිත නොකරණ බවත්, උපදේශක වරුන් උපදේශන සැසි වලදී මෝහනය නොකරණ බවත් (නොකල යුතුබවත්) පළමුව තේරුම් ගත යුතුය. මෝහනය යනු මනෝ ප්‍රතිකාර උපක්‍රමයකි. මනෝඋපදේශක වරයකු විසින් සේවා ලාභියාගේ තත්වය විමසා නිසි උපදේශන සැසි වාර ගණනකින් පසු සේවා ලාභියා එයට සූදානම් කිරීමෙන් පසු උපදේශක වරයාගේ නිර්දේශය මත අදාල පරිදි මෝහන ප්‍රතිකාරය ලබා දියයුතු ය. එසේම අවශ්‍යතාවය මත මෝහන යට පෙරාතුව වෛද්‍ය නිර්දේශයන් ගත යුතු අවස්ථාද ඇති බව සැලකිය යුතුය. තවද මෝහනය මේ වනවිට එතරම්ම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මනෝවෛද්‍ය විද්‍යාව තුල පිළිගැනීමක් නැති බවද සඳහන් කරමි.


අයහපත් මානසික තත්වයෙන් පෙළෙන පුද්ගලයන් මනෝප්‍රතිකාර වලට පවා අකමැති බව පෙන්වයි

තමාට තම සැමියට / බිරිඳට හෝ දරුවන්ට නැතහොත් ලඟම ඥාතිවරයාට..., කිසිඳු මානසික රෝගයක් නැතැයි පවසන මෙවැන්නෝ උපදේශක වරයකු හමුවීමට හෝ මනෝවෛද්‍ය වරයකු වෙත යාම තරයේම ප්‍රතික්ෂේප කරයි. මෙය ඉතාම බරපතල තත්වයකි. මෙම අයහපත් මානසික තත්වයෙන් පෙළෙන පුද්ගලයන් උපදේශනය මනෝප්‍රතිකාර මනෝවෛද්‍ය වැනි වචන වලට පවා අකමැති වෛරකරන ස්වරූපයක් දක්නට ලැබෙයි. ඔහුව හෝ අදාල ඥති වරයාහෝ එලෙස රැගෙන යාමට උත්සාහ කරණ විට මේ අය දැඩි ආවේගශීලීව ක්‍රියා කරණ අතර එයට තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කරයි. සියුම්ව සලකා බැලීමේදී පෙනීගොස් තිබෙන කරුණ වන්නේ මේ පුද්ගලයන් සාමාන්‍ය මානසික මට්ටමකින් සිටින අය නොවන බවයි. මෙවන් පුද්ගලයන් තුල විශාල වශයෙන් මානසික ගැටළු පවතින අතර බොහෝ විට එවැනි තත්වයක් පවුල් ඉතිහාසයේද දක්නට ලැබෙනු ඇත. අන් ඥාතීන් අවධානයට ගත යුතු කරුණ වන්නේ මේ පුද්ගලයන්ගේ බහට අවනත නොවීමේ විද්‍යාත්මත අවශ්‍යතාවය හඳුනාගෙන විශේෂයෙන්ම එම පුද්ගලයාවද ඇතුලත්ව අදාල අයව උපදේශනයට යොමු කල යුතු බවය. එසේ නොවුන හොත් නිසි ප්‍රතිකාර නොලැබීමෙන් පවතින මානසික ගැටළු තත්වයන් මානසික රෝග තත්වයන් දක්වා උග්‍රවී රෝහල් ගත විය යුතුවන තත්වයටම බරෑරුම් විය හැකිය.


වැරදි උපදෙස් වලින් බේරී සිටීමටද ඔබ ක්‍රියාකල යුතුය

වැරදි උපදෙස් වලින් බේරී සිටීමටද ඔබ ක්‍රියාකල යුතුය. මන්ද නිසි මනෝඋපදේශනයකට සහභාගී නොවී වෙනත් වෙනත් අයගෙන් උපදෙස් ගන්නට යාමෙන් බොහෝ විටම සිදු වන්නේ ප්‍රශ්ණය හරි හැටි තේරුම් නොගෙන බොහෝවිටම පක්ෂග්‍රාහීව යම් යම් විසඳුම් ලබා දීමය. එසේම ඔබ සමඟ ඊෂ්‍යාවෙන් තරහෙන් පළිගැනීමේ චේතනාවලින් සිටින්නන් මෙවන් අවස්ථාවක් බලා සිට වුමනාවෙන්ම වැරදී යන පරිදි උපදෙස් දී මෙහෙයවීම් කරයි. අවසානයේ නැති ප්‍රශ්ණ ඇතිවී ජීවිත වලින් වන්දි ගෙවන තත්වයටම බරෑරුම් වෙයි. අඬුව තියෙද්දී අත පුච්ච ගන්නේ කුමකට දැයි ? කියා කියමනක් ඇත. එසේම විද්වත් මනෝවිද්‍යා උපදේශන සේවාවක් තිබියදී අතන මෙතන එයා මෙයා අරයා එක්ක කටමැති දොඩවා තව තවත් අඩුලට පත්වන්නේ කුමකට ද?, මුදලක් ගෙවා උපදේශන සැසි කිහිපයකට යාමට අසීරු තාවයක් සාධාරණව තිබේ නම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බොහෝමයක් රෝහල් වල මනෝ උපදේශන සේවාවන් පවත්වන අතර සියල්ලම නොමිලයේ වෙයි. එවන් ස්ථාන වලින් ප්‍රයෝජන ගැනීටද ඔබට හැකිය. මෙලෙස පසු ජීවිතය හැකිතාක් සුන්දර කර ගැනීමට විවාහයට පෙර ගත යුතු පූර්ව විවාහ උපදේශනය පිළිබඳව මීලඟ ලිපියෙන් සාකච්ඡා කරමු.









Tell your friends about this article




Leave your comments


Post comment as a guest




Comments


No Comments Found.