ඇස් කණ්ණාඩි ද සිවි කාච ද හොඳ?


වෛද්‍ය රොෂාන්ත හේවා මද්දුම

MBBS. DLM, MSc, MBA, MCGP, PhD


අක්ෂි දුර්වලතාවලදී කණ්ණාඩි පැලඳීම වෙනුවට සිවි කාච පැලදීමට දැන් දැන් බොහෝ දෙනා පෙලබෙනවා. ඇත්තටම එය අක්ෂි අස් වලට කෙතරම් සුදුසුද ? අද සාකච්ඡාව ඒ ගැනයි.


අක්ෂි දුර්වලතාවලදී ප්‍රතිකාරයක් ලෙසට කණ්ණාඩි පැලඳීමට සිදුවන අවස්ථා තිබේ. මෙසේ කණ්නාඩි දැමීමට නියම කල බොහෝදෙනා අපහසුතාවක් ලෙස සිතති. අක්ෂි දුර්වලතාවලදී කණ්ණාඩි පැලඳීමට සිදුවන රෝගීන්ගේ වයස් භේදයක් නැත. සමහරුන්ට වයස අවුරුද්දට පෙර පටන් කණ්ණාඩි දැමීමට සිදුවන අවස්ථා තිබේ. මෙවැනි ප්‍රතිකාරයකදී කණ්ණාඩි නොපැළඳ සිවිකාච භාවිතය අද පෙරට වඩා වැඩියෙන් සිදු කරයි. සිවිකාච පැලඳීමටද වයස් භේදයක් නැත. එහෙත් කුඩා දරුවෙකුට සිවිකාච පැලඳීමේදී එය දැමීමටත් ගැලවීමටත් මව්පියන් විසින් ඉතාම පරෙස්සමෙන් ඉතා පිරිසිදුව කළ යුතුය. මෙය කුඩා දරුවාට පමණක් නොව වැඩිහිටියන්ටද ඉතාම වැදගත් ය. ඒ අපිරිසිදු කමින් ඇසේ විවිධ රෝග ඇතිවිය හැකි නිසාය. ඒ නිසාම අක්ෂි දුබලතා සදහා කණ්ණාඩි පැලඳීමට නියම කළ විට ඒ සදහා සිවිකාච පැලඳීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ මෙසේ පහදා දීමට සිතුවෙමු. එසේම වර්තමානයේ විලාසිතා සදහාත් සිවිකාච පලදින අවස්ථා තිබේ. ඒවාත් ඉතාම පරෙස්සෙමෙන් පැලඳීය යුතු වේ. විලාසිතාවට හෝ රෝගයකට හෝ පෙනුම ලබා ගැනීම සදහා සිවිකාච පලදින විට ඕනෑම කෙනෙක් ඉතාම සැලකිලිමත් විය යුතුය.


දිනපතා සිවිකාච පැලඳීම සුදුසුද ?

දිනපතා සිවිකාච නොපැලඳීයත් වෛද්‍යවරයාගේ උපදෙස් මත එයවෙනස් කල යුතුය. උදාහරණයක් ලෙස ඔබ නැවත මාරු කල නොහැකි සිවිකාච (disposable contact lenses) භාවිතා කරන්නේ තම පෙනුමින් ඔබට සුදුසු යැයි හැගුනත්. වරක් පැලදී පසු එය ඉවත් කිරීම යෝග්‍ය වේ. නියමිත දින ගණකට වඩා ඔබ සිවිකාච භාවිතාකරන්නේ නම් හෝ නිදා ගන්නා විට ඔබ සිවිකාච පැලඳීමෙන් හෝ ඔබේ ඇසේ ආසාදන භව ගැනීමට ඇති අවස්ථා වැඩිය.


සිවිකාච පැලඳීමට සූදානම් වන හැටි

ඇසට සිවිකාච පැලඳීමට හෝ එය ඇසෙන් ඉවත් කිරීමට පෙර ඔබේ දෑත් හොඳින් සේදිය යුතුය . මෙහිදී දෑත් සෝදා පිරිසිදු කිරීම ඉතාම වැදගත් වේ. දෑත් පිරිසිදු කිරීමෙදී ඉතා තෙල් සහිත සබන් වර්ග සහ සුවද ගැල්වූ සබන් වර්ග භාවිතා කිරීම යෝග්‍ය නැත.මීට අමතරව සිවිකාච අතට ගැනීමට පෙර දෑත් හොඳින් වියළා ගැනීමද ඉතාම වැදගත් වේ. එසේම ඇස් සේදීමේන් පසුව පුරුද්දක් ලෙස තෙතමනය රැදවා ගැනීමට භාවිත කරන තෙත් සාරපයක් (moisturizer) භාවිත කරන්නේ නම් ඒවා ඇසට සිවිකාච දැමීමෙන් හෝ ඇතුළු කිරීමෙන් පසුව භාවිත කළ යුතුය. මන්ද ඒවායේ ඇති සංඝටක හා දූවිලි අංශු වැනි දේ සිවිකාච වල ඇලවීමට ඇති ඉඩකඩ වැඩි නිසාය.


වැදගත් කරුණු කිහිපයක්

සිවිකාචයක් ඇසට ඇලවීමේදී සෑමවිටකම එක ඇසනට ඇතුළු කිරීම වඩාත් යෝග්‍ය වේ.උදාහරණයක් ලෙස සදහන් කළොත් දකුණු ඇසට සෑමවිටම සිවිකාච ඇතුළු කරන්නේ නම් එය පුරුද්දක් වශයෙන් කළ යුතුය. ඊළගට වම් ඇසට ඇතුළු කරන්නට පුරුදු විය යුතුය. මෙසේ දිනපතා එකම ආකාරයකට සිවිකාච පැලඳීමට පුරුදු වීමෙන් ඇස් දෙකෙහි නාභි ගත අගය වෙනස් වන අවස්ථාව කදී මාරුවීමට තිබෙන අවස්ථා අඩු වේ. සිවිකාච පැලඳීය යුත්තේ දඹර ඇගිල්ල භාවිත කරමින් කාචය වහලෙන ආවරණයෙන් කාචය ලබාගෙන ඉන්පසු අත්ල මත තබා පසුව ඇස තුල එය ඇලවිය යුතුය. මෙහිදී කාචය සිවිකාච පෙඟවීමට ගන්නා ඖසධයෙන් පිරිසිදු කර දඹර ඇගිල්ල මුහුණ මත තබාගෙන එම අතේම මැදහිල්ල ආධාරයෙන් යට ඇස් පෙති පහලට ඇද අනෙත් අතේ ආධාරයෙන් උඩ ඇස් පෙති ඉහලට එසවිය යුතුය. ඉන් පසු දඹර ඇහිල්ලේ හි මුදුන මත තබන ලද සිවිකාචය ඇසේ කූහිතය (Cornea) මත කළින්ම තැන්පත් කළ යුතුය. ඇස් පෙති සියුම්ව නිදහස් කර ඇසි පිය ගැසී


සිවිකාච පිරිසිදු කර කබඩා කරන අයුරු

සිවිකාචය පිරිසිදු කිරීමට ක්‍රම කිහිපයක් භාවිත කරනු ලැබේ. මේ සදහා සිවිකාච පිරිසිදු කිරීම , සේදීම මෙන්ම විෂබීජ නාසනය කරන ද්‍රව්‍යෙන් භාවිතය එම ක්‍රමවේද වේ. මේ අතරින් විෂබීජ නාසන වෙළදපොලෙන් මිලදී ගත හැකිය. සමහර නිෂ්පාදන පිරිසිදු කිරීම හා සේදීම සදහා ආවරණයක් නිපදවා ඇති අතර ඇතැම් නිෂ්පාදන මගින් සේදීම පමණක් කර කාචය පිරිසිදු කිරීම සිදු කෙරේ. එහෙත් ඇතැම් අධ්‍යාපනයකට අනුව ඇස පිරිමැද පිරිසිදු කිරීම මගින් වඩාත් කාර්යක්ෂමව පිරිසිදු වන බව සොයාගෙන තිබේ.


ජලයෙන් පිරිසිදු කිරීම සුදුසුයිද ?

සිවිකාච පිරිසිදු කිරීමේ ද්‍රවණයක් නොමැති අවස්ථාවක ඒවා පිරිසිදු කිරීමට ජලය භාවිත කළ හැකිය. එහෙත් පුරුද්දක් ලෙස එසේ නොකළ යුතුය. ඊට හේතුව ආතැම් විට ජලයේ පවා සමහර විෂබීජ හා බැක්ටීරියා වර්ධනය විය හැකිය. ඉන් ඇසේ දරුණු ආසාදන ඇති වීමට ඉඩ තිබේ. මේ නිසා නාන විටදී පවා සිවිකාච පැලඳීම සුදුසු නොවේ. එසේම සමහර තෙල් ගා සිවිකාච පලඳීන අවස්ථා තිබේ. එයද සුදුසු නැත. එයින් ඇසට දරුණු ආබාධ ඇති වීමට බෙහෙවින් ඉඩ තිබේ. මේ හැර සිවි කාච බහාලන අසුරනය ද සිවිකාච පිරිසිදු කරන්නේ ගමන් පිරිසිදු කළ යුතු වේ. ඒ සදහා සෑම දිනකම රාත්‍රියේ විෂබීජ නාසක දියරයකින් එම අසුරණයත් පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ඉන්පසු රෙදි කඩයින් පිසදමා වියළා ගත යුතුය. මේ හැර සිවිකාච බහාලන අසුරණය මාස තුනකට වරක්වත් මාරු කිරීම වඩාත්ම යෝග්‍ය වේ.





දඹර ඇහිල්ලේ හි මුදුන මත තබන ලද සිවිකාචය ඇසේ කූහිතය (Cornea) මත කළින්ම තැන්පත් කළ යුතුය. ඇස් පෙති සියුම්ව නිදහස් කර ඇසි පිය ගැසීම සිදු කළ යුතුය.




Tell your friends about this article




Leave your comments


Post comment as a guest




Comments


No Comments Found.