ඇසේ ඇතිවන ආබාධ වලක්වාගත හැකි සරල පියවර 06 ක්


වෛද්‍ය රොෂාන්ත හේවා මද්දුම

MBBS(Col.) , DLM(Col.) , MBA(USA) MSc(USA) , MCGP(Col.) , PhD(USA)


ඔබේ දෙඇස් ආරක්ෂාවට අමතක නොකර පිළිපැදිය යුතු වැදගත් පියවර 6ක්


1. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම

රුධිරයේ සීනි මට්ටම නියමාකාරයෙන් පාලනය කර ගැනීම මගින් ඇසට සිදුවන බොහෝ හානීන් වලක්වා ගත හැකිය. මෙමගින් ඇසේ දෘෂ්ටි විතානයේ (Retina ) හි සියුම් රුධිර නාලිකාවලට වන හානිය හා නව රුධිර නාලිකා වර්ධනය වීම පාලනය කර ගත හැකිය. මේ නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම මගින් ඇසේ සිදුවිය හැකි ඉතා දරුණු හා නැවත ගොඩනැගිය නොහැකි වෙනස්කම් ඇතිවීම් වැළැක්වීම හා ප්‍රමාද කර ගැනීමට හැකිවේ. දියවැඩියාව සහිත රෝගීන් අවම වශයෙන් මාස 03 කට වරක්වත් රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්ථ මට්ටමක පවත්වා යන්නේ ද, නැද්ද පිළිබදව සොයාබලන HbA1c නැමති රුධිර පරීක්ෂාවක් කර ගැනීම ඉතා යෝග්‍ය වේ. මේ මගින් වෛද්‍යවරයාට මෙම පරීක්ෂා මගින් රෝගියාට සිදු කළයුතු ප්‍රතිකාර වල වෙනස්කම් ගැන මනා අවබෝධයක් ලබාගත හැකි වේ. මෙම පරීක්ෂාවේ අගය සියයට 7 කට වඩා අඩුනම් ඉතා යෝග්‍ය වේ. රුධිරයේ සීනි මට්ටම පාලනය වන බවට ඉඟියක් ලබාදෙන අතර එමගින් ඇස්වල එන හානිය ගැන ද තක්සේරුවක් ලබාගත හැකි වේ.


2. රුධිර පීඩනය පාලනය කිරීම

දියවැඩියාව නිසා ඇසේ ඇතිවන වෙනස්කම් වල ශීඝ්‍රතාවය අඩු කිරීමට හා ඉන් වලක්වා ගැනීමට ශරීරයේ රුධිර පීඩනය පාලනය ඉවතල් වේ. මේ සඳහා වෙනත් රෝගී තත්වයක් සඳහා හෝ පවුලේ වෙනත් අයෙකුට ප්‍රතිකාර ගැනීමට හෝ වෛද්‍යවරයෙක් හමුවන අවස්ථාවේදී ඔබගේ රුධිර පීඩනය පරීක්ෂා කරගැනීම වැදගත් වේ. මේ සඳහා කෑමට ගන්නා ආහාරවල අඩංගු ලුණු ප්‍රමාණය අවම කිරීම, ශරීරයේ බර පාලනය කිරීම හා ව්‍යායාම කිරීම මගින් රුධිර පීඩනය පාලනය කරගත හැකිය. එසේ නොවන අවස්ථාවල රුධිර පීඩනය අඩු කිරීමට ඖසධ නියම කරනු ලබන අතර දියවැඩියාව සහිත පුද්ගලයෙක්ට රුධිර පීඩනය 130/80 mmHg හෝ ඊට අඩු මට්ටමෙන් පවත්වා ගැනීමෙන් ඇස්වලට වන හානිය අවම කරගත හැකිවේ.


3. පූර්ණ අක්ෂි පරීකශාවක් සිදු කිරීම

බොහෝ රෝගීන් අක්ෂි වෛද්‍යවරුන් හමුවන අවස්ටාවේදී රෝගියාගේ ඇසට දමනු ලබන දියරමය ඖසධයක් මගින් ඇසේ කන්නිකාව (Pupil) විස්තාරණය වී ඇස තුල විස්තරය ඉතා පහසුවෙන් නිරීක්ෂණය කර ගත හැකිවේ.මේ සඳහා බොහෝ රෝහල්වල දක්නට ලබන ස්ලිමට් ලෑම්ප් (Slit Lamp) නම් වූ අන්වීක්රිය උපකරණය මගින් හා ඇසේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට ගන්නා විවිධ වර්ගයේ කාච මගින් ඇසේ සිදුවිය හැකි හානීන් හා වෙනස්කම් නිරීක්ෂණය කළ හැකිවේ. මේ නිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ වෙනයම් රෝගයක් නිසා ඇස අභ්‍යන්තරයට යම් හානියක් සිදුවන්නේ නම් එය කළින්ම හදුනා ගත හැකිය. මීට අමතරව දියවැඩියාව වැළපුණු ගර්භනී කාන්තාවන්ගේද, ගර්භනී තත්වයක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ගේද ඇස්වලට ඖසධ දමා අභ්‍යන්තරය පරීක්ෂා කිරීම අනිවාර්ය වේ. මීට අමතරව ගර්භනී කාලය පුරාවටම අක්ෂි වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ ඇස් ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ.


4. ඇසේ ඇතිවිය හැකි අවධානම් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටීම

රෝගී ලක්ෂණයක් දැනුන විගස හෝ යම් රෝගී ලක්ෂණයක් නිරීක්ෂණය වූ විගස ඔබේ අක්ෂි වෛද්‍යවරයා හමුවීම ඉතා වටී. මන්ද මුල් අවස්ථාවේදීම යම් හානිකර සංඥව එකට හේතුව හදුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීම මගින් අවධානම් තත්වයක් ද හෝ එය වර්ධනය වීම වලක්වා ගත හැකිය. ඔබට පහත සඳහන් රොගී ලක්ෂණය හෝ සංඥවක් දැනුනු සැනින් අක්ෂි වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත් වේ. • ඇසේ හදිසියේ ඇතිවන බොදවීමක්, මිහිදුම් ස්වභාවයක් හෝ එක දෙක වී නිරීක්ෂණය වීමක්. ( Double Vision) • ඇස ඇතුලෙන් විදුලි කෙටීමක් වැනි දර්ශනයක්, එළියක් වරින්වර නිරීක්ෂණය වීමක් හෝ ආලෝක පුදුවයක් ලෙස බැලීමේදී ඒ වටා වලල්ලක් වැනි දෙයක් නිරීක්ෂණය වීම. • ඇස තුටින් නිරීක්ෂණය වීමේදී යම් සියුම් කැබලි පාවී යාමක්, අදුරු අව්‍යයක් පාවීයාමක් නිරීක්ෂණය වීම. • ඇසේ හදිස්සියේ ඇතිවන වේදනාවක්, අභ්‍යන්තරයේ තද ගතියක් හෝ පවන්නා තද රතු ගතියක් නිරීක්ෂණය වීම. • ඈත කෙලින් දක්නට ලැබෙන රේඛා නිරීක්ෂණයට බාධාවීම හා පර්යන්තයේ ඇති වස්තුන් නිරීක්ෂණයේ දී අපහසුතාවයක් ඇතිවීම. • හදිස්සියේ ඇසේ පෙනීම අඩු වීම හෝ හානිවීම.


5. දුම් පානය

දුම්පානය මගින් රුධිර නාලවලට හානි සිදුවන නිසා ඇස අභ්‍යන්තරයේ සියුම් රුධිර නාලිකාවලට වෙනස්කම් ඇති වේ. දියවැඩියාව සහිත රෝගීන් ගේ ඇසේ රුධිර නාලවල වෙනස් කම් සිදුවන නිසා දුම්පානය මගින් ඇසට සිදුවිය හැකි හානිය වැඩි අතර කෙසේ හෝ දුම් පානය නවත්වා ගත යුතුය.


6. දියවැඩියාව හා රුධිර පීඩනය ප්‍රශස්තව පාලනය කිරීම

දියවැඩියාව හා රුධිර පීඩනය ප්‍රශස්තව පාලනය කිරීම මගින් ඉබේම ඇස්වලට වන හානිය වලක්වා ගත හැකිය. මේ නිසා රුධිරයේ සීනි පාලනය කරගැනීම මගින් ඇස් වලට වන හානිය අඩුකර ගැනීම, අමතර යමක් සිදුකළ යුතු නොවේ. දියවැඩියාව සඳහා ආහාර පාලනය සඳහා යම් අවබෝධයක් අනුගමනය කිරීම, දිනපතා ව්‍යායාම කිරීම, දියවැඩියාව සඳහා නියම කරන ලද ඖෂධ භාවිතය මගින් සීනි මට්ටම පාලනය මගින් ඇස් වල නිරෝගී බව දආරක්ෂා කරගත හැකිය.





Slit Lamp examination for eye diseases




Tell your friends about this article




Leave your comments


Post comment as a guest




Comments


No Comments Found.