සුන්දර පවුලකට නොබිදෙන සබඳකමකට පවුල් උපදේශනය


වෛද්‍ය කමල් එස්. ජයසේකර

මනෝවෛද්‍ය (ආයුර්වේද / විශේෂ) ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ACHP (Gte).Ltd. 0714 167 287 kamalnamindra@gmail.com



උපදේශනය විශේෂයෙන්ම මනෝවිද්‍යා උපදේශනය යන්න ඇසුන ගමන්ම එන අදහස කුමක් ද? ‘අපිට ඕවට යන්න පිස්සු නැහැනේ..., මේක පවුලේ පොඩි ප්‍රශ්ණයක්..., පිස්සුද ඕවට යන්න එපා... අපි පවුල් කෑවේ කවුන්සලින් ගිහිල්ල ද ?. මේ එවන් අදහස් ප්‍රකාශන කිහිපයකි. ගැටළුවලට මුහුණ දී සිටින දෙන්නා දෙමහල්ලන් මෙන්ම ඔවුනගේ වැඩහිටි පාර්ශව ද බොහෝවිටම මෙවන් අදහස් දරයි. මීටත් වඩා හාස්‍ය උපදන කාරණාද මේ සමඟ අසන්නට ලැබෙයි.එනම් එක් පාර්ශවයක වැඩිහිටියන් තම පාර්ශවය නිවැරදි හා පාරිශුද්ධ බව දැක්වීමටත් අන් පාර්ශය වැරදි බව දැක්වීමටත් ඒ වරදට හේතුව මානසික ගැටළුවක් බව දැක්වීමටත් මනෝ උපදේශනය යන්න අසාධාරණ ලෙස යොදවා ගැනීමයි.


‘අපේ ළමයට නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නේ, ඔය ලමයා කවුන්සලින් ගිහිං ඔය පිස්සුව හොඳ කර ගන්න’

මෙවන් ප්‍රකාශයන් වැඩිහිටි පාර්ශවයන් විසින් සිදු කිරීම නිසා දෙගොල්ලෝම උපදේශනය ප්‍රතික්ෂේප කරන්නේ තමන්ට පිස්සු නැති බව පෙන්වීම සඳහාය. මේ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය ‘නියපොත්තෙන් කඩා ගැනීමට තිබූදේ පොරොවෙන් වත් කපා ගැනීමට නොහැකි වන’ තත්වයට පත්වීමයි. අවසානයේ පුරසාරම් දොඩන ඤාතීන් එකි නෙකා තම තමන්ගේ වැඩ බලා කියා ගනිද්දී ‘අඹු සැමි යුවල තව තවත් ප්‍රශ්ණ මත අතරමංවෙයි’ තත්වය අනුව අඩදබර වීම් හා පහර දීගැනීම් සිදුවීමද වෙයි. පසුව එක්කො නීතියෙන් වෙන්ව එනම් දික්කසාද වී දෙපසට වෙයි, නැත්නම් නිතියෙන් පමණක් කසාදය ඉතිරි වෙද්දී එකම නිවසේ ආගන්තුකයන් මෙන් වෙන්ව වාසය කරයි. වඩාත්ම අවසානාවන්ත තත්වය වන්නේ මේ වන විට දරුවන්ද සිටීනම් ඒ අසරණයින් තව තවත් අසරණ භාවයට පත්ව දැඩි මානසික ව්‍යාකූල තාවයන්ට පත්වීමයි. මේ හේතුව නිසා පසු කාලීනව මේ දරුවන්ගේ විවිධ මානසික වෙනස්කම් හට ගනියි, වැරදි හැසිරීම් ඇතිකර ගනියි. එසේම දරුවන් මෙන්ම දෙමාපියන්ද විවිධ මානසික පීඩාවන්ට පත්ව මානසික රෝගීන් බවට වුවත් පත්විය හැකිබව තේරුම් ගත යුතුවෙයි.


මෙයට පෙර අපේ රටේ උපදේශන ක්‍රියාවලියක් තිබුනාද?

මෙයට පෙර අපේ රටේ උපදේශන ක්‍රියාවලියක් තිබුනාද, නැතිද යන්න. සොයා බැලිය යුතු කාරණයකි, ඇතැම් අයගේ අදහස මනෝ උපදේශනය අළුත් දෙයක් බවත් පවුලකට එලෙස තවත් කෙනෙකුගේ උපදේශනයක් අවශ්‍ය නැති බවත්ය. එසේම තවත් අදහසක් වන්නේ තම තමන්ගේත් ඉහ නිකට නිකන් පැසී නැති බවත්, තමන්ටත් ඕනෑතරම් උපදෙස් දිමේ හැකියාව පවතින බවත්ය.


මනෝ උපදේශන ක්‍රියාවලියක් අප ගම් බිමි වල තීබූ බවයි

ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතු කාරණය නම් මනෝ උපදේශන ක්‍රියාවලියක් අප ගම් බිමි වල තීබූ බවයි. එහෙත් එය දැන් මෙන් ‘මනෝ උපදේශනය’ යන නිමින්ම තබූයේ නැති බවයි. උපදේශන ක්‍රියා වලිය නිසා එකලද බොහෝ ගැටලු විසදාගෙන ජීවිත ආරක්ෂා කරගෙන සුන්දර පවුල් ජීවිතයක් ඇති කර ගැනීමට ඕනැතරම් උදවු කර තිබෙයි. සාමාන්‍යෙයන් ගමේ දැනුම් තේරුම් තිබූ අයකු බොහෝ විටම මෙම උපදේශන ක්‍රියාවලිය නොවිධිමත් හෙවත් නවිදිමත් අයුරින් සිදුකර තිබෙයි. තවද ගමේ සිටිය වෙද මහතා, ආගමික පූජක වරයා වැනි අයද මෙම උපදේශන ක්‍රියාවලිය පෝෂණය කල අයයි. මෙහිදී තම අත්දෑකීම් ගෙන හැර පෑම, නිදසුන් උපහැරන දැක්වීම හා තමන් ඇප වී යම් යම් තීරණ වලට එළැඹීම හා උපදෙස් රැසක් ලබා දීමද සිදුවී ඇත.


මේ වනවිට වඩාත් විද්‍යාත්මක මුහුණු වරකින් මෙම මනෝ උපදේශන ක්‍රියාවලිය දියුණුවට පත්ව තිබෙනු දක්නට ලැබෙයි.

කෙසේ වෙතත් මේ වනවිට වඩාත් විද්‍යාත්මක මුහුණු වරකින් මෙම මනෝ උපදේශන ක්‍රියාවලිය දියුණුවට පත්ව තිබෙනු දක්නට ලැබෙයි. පවුල් උපදේශනය පිළිගත් මනෝවිද්‍යාත්මක න්‍යායයන් ගෙන් හා ප්‍රතිකාරාත්මක ක්‍රියාදාමයන්ගෙන් යුතුවෙයි. පිළිගත් ක්‍රමවේදයන් ඔස්සේ න්‍යායත්මකව ගැටළුව දෙස බලා විග්‍රහකර ගනිමින් වඩාත් සාධාරණ හා ප්‍රතිකාරාත්මක අගයකින් යුතුව සැබෑ විසඳුම ලබා දීමට ක්‍රියා කරයි.


පවුලක ඇතිවන සුළු සුළු මතභේදයන්ගේ සිට වඩාත් උග්‍ර මට්ටමේ ගැටළු දක්වා මනෝ උපදේශනමය සහයක් ලැබීම වැදගත්

පවුලක ඇතිවන සුළු සුළු මතභේදයන්ගේ සිට වඩාත් උග්‍ර දැරිය නොහැකි මට්ටමේ ගැටළු දක්වා ඕනෑම අවස්ථාවකට මනෝ උපදේශනමය සහයක් ලැබීම වඩාත් වැදගත් වෙයි. මන්ද යත් මේ පවතින ගැටළු කාරී තත්වය සාමාන්‍ය පවුල් තත්වයක්ද, නැත්නම් යම් මානසික පීඩාකාරී බවක් නිසා හටගන්නක්ද, එත් නැතිනම් කිසියම් මානසික අක්‍රමතාවයක්, රෝග තත්වයක්, පෞරුෂ ඌනතා තත්වයක් නිසා හටගත් දෙයක්ද නැත්නම් තවත් වෙනයම් බලපෑමක් සාධකයන් නිසා හටගත්තක්ද යන්නත් දැනට එය විසඳා ගැනීමට ගෙන තිබෙන ක්‍රියා දාමයන් නිවැරදිද යන්නත් එම ක්‍රියාදාමයන් හී අවසානය විද්‍යාත්මක ලෙසින් කිනම් ආකාරයක් වේදැයි යන්නත් වැනි සාධක නිවැරදිව දැන ගැනීමටනම් මනෝ උපදේශනය පිළිබඳව විශේෂයෙන්ම පවුල් උපදේශනය පිළිබඳව දැනුමක් ලත් පුහුණුවක් ලත් විද්වත් මනෝවිද්‍යා උපදේශකවරයකු වෙතට එළැඹීම කල යුතු වෙයි. එසේම ගැටළු කාරී තත්වය තවත් උග්‍ර නොවනු පිණිසත් යම් වෙනත් භාහිර උපකාරයක් අවශ්‍ය අවස්ථාවකදී ඊට නිසි යොමු කර ගැනීමක් සිදු කර ගැනීමටත් මනෝඋපදේශකවරයකුගේ සහය ඉතාම වැදගත් වෙයි.


‘පූර්ව විවාහ උපදෙශන’ සැසි

ගැටළුවක් නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ විසඳා ගැනීමට හැකියාව තිබිය දී පවුල් උපදේශනයකට යොමුනොවීම විනා, පවුල් උපදේශනයට යොමුවීම කිසි සේත්ම ලැඡ්ඡාවට කරුණක් නොවන බවය. එසේම වඩාත්ම නිවැරදි ක්‍රමය නම් විවාහ වීමට ප්‍රථම දෙදෙනාම ‘පූර්ව විවාහ උපදෙශන’ සැසි කිහිපයකට සහභාගී වීමයි.


සුන්දර පවුලක් උදෙසා

පවුල් ගැටළු විසඳා ගනිමින් නොබිදෙන සබඳතා සමගින් ආදරණීය සුන්දර පවුලක් උදෙසා මනෝවිද්‍යාත්මක උපදේශන මය කරුණු කාරණාවන් පිළිබඳවත් පූර්ව විවාහ උපදේශනය පිළිබඳවත් ඉදිරි ලිපි මගින් සාකච්ඡා කරමු.






Tell your friends about this article




Leave your comments


Post comment as a guest




Comments


shehan :

Watinawa

2018-08-31 05:08:41