කොවිඩ් 19 සමග ජීවත්වීම සහ එය පරාජය කිරීම ගැන අපට ලෝකයෙන් උගත හැකි දේ

කොවිඩ් 19 සමග ජීවත්වීම සහ එය පරාජය කිරීම ගැන අපට ලෝකයෙන් උගත හැකි දේ

චීනයේ හුබෙයි පළාතේ පසුගිය දවස් 34ක කාලය තුල කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම ඉතා අල්ප වූ අතර, සමස්ත චිනයේම කොවිඩ් 19 රෝගය පැතිරීම මේ වන විට ඉතා අඩු මට්ටමක පවතී. කොවිඩ් 19 වසංගතය නියුමෝනියාව ආශ්‍රිත හදුනාගත නොහැකි රෝගයක් ලෙස ආරම්භ වුයේ චීනයේ හුබෙයි පළාතේ අග නගරය වන වුහාන් නගරයෙන් වන අතර පළමු රෝගියා හමුවුයේ 2019 දෙසැම්බර් මස 27 වනදිය. කොවිඩ් 19 වෛරසය කොරෝනා වෛරස පවුලේ නව හදුනාගැනීමක් ලෙස වාර්තාවූ අතර මෙය ඇතිවන්නේ SARS-CoV-2 නම් වෛරසය මගිනි. චීනය මෙම වෛරසයේ පළමු ගොදුර බවට පත්විය. මෙම නිසා නිසැකයෙන්ම චීනයට නව අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවූ අතර රෝග කාරකය ඉතා ඉක්මනින් හදුනාගැනීමද වැදගත් විය. මෙම වෛරසය පැතිරීයාම පාලනය කිරීම ඉතා භාරදුර කාර්යක් වූ අතර ජාත්‍යන්තරයේද සහය සහ ආශීර්වාද මැද ඉතා වෙහෙසක් සහ කැපකිරීම් රාශියක් මතින් එම වෛරසය පාලනය කිරීමට චීනයට හැකිවිය. ගැටලුව වන්නේ අපට මෙම සටනෙන් ඉගෙන ගත හැකි දේ මොනවාද යන්නයි.   

වෛරසය පැතිරයන මුල් අවධියේ දී චීනයට ආර්ථික වර්ධනය මෙන්ම මිනිස් ජිවිත රැකගැනීම යන කරුණු දෙකටම මැදිහත් වීමට සිදුවිය. එම නිසා මෙම වසංගතය පාලනය කිරීමට පෙර නොවූ විරු ක්‍රියාන්විතයක් සිදු කිරීමට චීනයට සිදුවිය. ඇත්තටම ඔවුන් එය පාලනය කිරීමට සිදු කලේ කුමක්ද ?

වුහාන් නිරෝධායනයට ලක් කිරීම

චීන රජය විසින් ඉතා ඉක්මනින් වුහාන් නගරය නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කල අතර සහයක කණ්ඩායම් ද ඉතා ඉක්මනින් කැදවනු ලැබිය. වෛරසය චීනයේ අනිකුත් පෙදෙස් වලට පැතිරීම වැලක්වීමට, හුබෙයි පළාතේ අගනුවර සහ වෛරසයේ මුලාරම්භක ස්ථානය වන වුහාන් නගරය සම්පුර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කරන ලදී. වුහාන් නගරයේ වැසියන්ට නගරයෙන් පිටතට යාම සම්පුර්ණයෙන් තහනම් වූ අතර අත්‍යවශ්‍ය සේවා දිගින් දිගටම සපයන ලදී. අනිකුත් පළාත් වලින් ස්වේච්චාවෙන් කැපවූ වෛද්‍ය කණ්ඩායම් 346ක් සහ 42000ක කාර්ය මණ්ඩලයක් ජනවාරි 24 සිට මාර්තු 8 වැනිදා දක්වා යෙදවීම මගින් හුබෙයි පළාතේ සෞඛ්‍ය සේවා තත්ත්වය ඉක්මණින් ප්‍රතිසංවිධාන ගත කරන ලදී.කොවිඩ් 19 රෝගින්ටම ප්‍රතිකාර කිරීමට පහසුමක් ඇති ඇදන් 2000 සහිත රෝහල් 2ක් වාර්තාගත දින 10ක කාලයකින් නිමවන ලද අතර, මද රෝග ලක්ෂණ ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇදන් 30000කින් සමන්විත රෝහල් 16ක් නිමවන ලදී. මිට අමතරව රෝගින් හදුනාගැනීමට වුහාන් නගරයේ මිලියන 14ක සම්පුර්ණ ජනතාවම පරික්ශා කරන ලදී.  

සම්පුර්ණ රටම අර්ධ ලෙස නිරෝධායනයට ලක් කිරීම

රට වසාදැමීම වුහාන් නගරයෙන් ආරම්භ වූ අතර පසුව එය හුබෙයි පලාතටත් අර්ධ වශයෙන් සමස්ත රටටමත් බලපවත්වන ලදී. වෛරසය පැතිරීම අධිකම කාලයේ පළාත්, නගර සහ ගම් හරහා ප්‍රවාහනය සිමා වූ අතර අත්‍යවශ්‍ය නොවන සේවා වන උද්‍යාන, කෞතුකාගාර, සිනමාහල් සහ අවන්හල් වසා දැමීමට කටයුතු කරන ලදී. රට වැසියන්ට අනවශ්‍ය ලෙස ගමන්යාම, සාමුහික වශයෙන් එක්රැස් වීම වැනි ක්‍රියාකාරකම් වලින් වැළකීමට උපදෙස් දෙන ලදී. සුපිරි වෙළදසැල් සහ එළවලු වෙළදසැල් වලට ඇතුල්වීමේදී මුඛ ආවරණ පැළදීම සහ සිරුරේ උෂ්ණත්වය පරික්ෂා කිරීම අනිවාර්ය කරන ලදී. වුහාන් නගරයට ගමන් කල ජනතාව අධි අවදානමක් ඇති අය ලෙස සලකා දින 14ක නිවසේදීම ස්වයං නිරෝධායනයකට ලක් කරන ලදී. කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්වූ ය ඉතා ඉක්මනින් විශේෂ ගිලන් රථ මගින් රෝහල් වෙත ප්‍රතිකාර සදහා යොමු කරන ලදී.

විනිවිදභාවය, සහයෝගිතාවය සහ සේවා සැපයීම

චීන රජය මගින් ජනයාගේ සහයෝගිතාවය ලබාගැනීම සදහා තොරතුරු වල විනිවිද භාවය ආරක්ෂා කිරීමත්, වසංගත පාලනයට නිසි ක්‍රියාමාර්ග ගැනීමත්, අත්‍යවශ්‍ය සේවා නිරතුරුව සැපයීමත් සිදු කරන ලදී. ජනතාවට තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමට අන්තර්ජාල සේවා හරහා යොමුවීමට ඉඩ සලසන ලදී. තමන්ගේ මුලික අවශ්‍යතා සැපිරීම නිසා වුහාන් නගරයේ ජනතාවට නිවසේ රැදී සිට රෝගය වැළදීමෙන් බේරීමට අවකාශ උදාවිය.

වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීම

කොවිඩ් 19ට එරෙහි සටන චීනයේදී ” ජනතා සටනක් ” ලෙස අර්ථ දැක්විණි. සෞඛ්‍ය සේවා නිලධාරීන් වෛරසයේ පාලන ක්‍රියාවලියේද, රාජ්‍ය නිලධාරීන් සහ ස්වෙච්චා නිලධාරීන් අත්‍යාවශ්‍ය සේවා සැපයීමේද, සාමාන්‍ය ජනතාව වෛරසය වැළදීම වැලක්වීමට සෞඛ්‍යාරක්ෂිත ලෙස සිටීමද සිදුවිය. සෑම කෙනෙකුම සටන්කාමියෙකු ලෙස හැදින්විණි. මෙම සටනේ සන්නාහ සහ ආයුධ ලෙස පුද්ගලික ආරක්‍ෂිත උපකරණ, විෂබීජ නාශක සහ ඖෂධ භාවිත විය. නමුත් සෞඛ්‍ය සේවා නිෂ්පාදන නිපදවීමේ ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් වුවත් මෙම අවස්ථාවේදී චීනයට ක්ෂණිකව අවශ්‍ය ප්‍රමාණයට සෞඛ්‍ය සේවා නිෂ්පාදන සැපයීමට නොහැකි විය.

මෙම අභියෝගයට මුහුණ දීමට චීන රජය විසින් ඉක්මන් ක්‍රියාමාර්ග දෙකක් ගන්නා ලදී. පළමුවෙන් සෞඛ්‍ය සේවා නිෂ්පාදකයන්ට තමන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට උපදෙස් දෙන ලදී. මෙහිදී වසංගතය අවසනයේ ඉතුරුවන සියලුම මුඛ ආවරණ චීන රජය විසින් මිලදී ගන්නා බවටත් චීන රජය මගින් සහතික වන ලදී. දෙවනුව සෞඛ්‍ය සේවා නිෂ්පාදන වල මිල පාලනයට ඉතා ඉහල නියාමනයන් පනවන ලද අතර, පාරිභෝගික පැමිණිලි ලබාගැනීමට දුරකථන සේවාවන් ද ස්ථාපිත කරන ලදී. මෙමගින් චීන නිෂ්පාදකයන් ඉතා ඉක්මනින් දේශීය අවශ්‍යතාවයට සරිලන සෞඛ්‍ය සේවා නිෂ්පාදන නිමවූ අතර වෙනත් රටවලටද ආනයනය කිරීම සිදු කරන ලදී.

ඉදිරියට ගමන් කිරීම

කොවිඩ් 19 පාලනයට චීනය විසින් ගෙන ගිය ක්‍රියාන්විතය සාර්ථක විය. වසංගතය පැතිරයාම ආරම්භයේදී වැඩි වුවත් පසුව එය පාලනයට ලක් විය. මාර්තු 23 වන විට දේශීය මට්ටමෙන් රෝගය පාලනය කල බව නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. ක්‍රම ක්‍රමයෙන් සේවා සහ නිෂ්පාදන ක්‍රියාවලි ආරම්භ කරන ලද අතර එහිදී නැවත රෝගය පැතිරීම වැලක්වීමටත් පිටතින් රෝගීන් රටට පැමිණීම වලක්වා ගැනීමටත් ක්‍රියා කරන ලදී. මාර්තු 28 වන විට චීනයේ 98.6% ප්‍රමුඛ කර්මාන්ත නිෂ්පාදකයින් තම කටයුතු ආරම්භ කල අතර, හුබෙයි පළාතේද 70% සේවකයින්ගේ සහභාගිත්වයෙන් 95% කර්මාන්ත සේවා ආරම්භ කරන ලදී. අප්‍රේල් 8 වනදා සිට රෝගයේ මුලාරම්භය වූ වුහාන් නගරයේද සාමාන්‍ය පරිදි කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී.

චීනයට විසින් කොවිඩ් 19ට එරෙහි මුලික සටන ජයග්‍රහණය කරන ලදී. නමුත් තවමත් ලෝකයේ අනිකුත් රටවල මෙම රෝගය පැතිරෙමින් පවතී. කොවිඩ් 19 පැතිරීමේදී සිමා, ආගම්, ජන වර්ග බල නොපාන අතර සියලු ලෝක ජනයාට එක ලෙසම පැතිරේ. ලෝකයේ සියලුම රටවල් එක්ව නැගී සිටියහොත් මෙම කොවිඩ් 19 වසංගතය පාලනය කොට ලෝකයේම අනාගතය යහපත් කරගැනීමට පුළුවන් වනු ඇත. 

කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවා ක්‍රමවේදයේ බටහිර මෙන්ම අනිකුත් සම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම ඇතුලත් වේ.බටහිර වෛද්‍ය විද්‍යාව මගින් බහුතරයක් ජනතාවගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටු කරයි. සෞඛ්‍ය සේවා පෞද්ගලික මෙන්ම රාජ්‍ය සේවා ලෙසද සපයයි. අඩුම සම්පත් ප්‍රමාණයක් මගින් කර්යක්ශ්‍යම සෞඛ්‍ය සේවයක් සපයන නිසා ශ්‍රීලංකාව අනිකුත් රටවලට ආදර්ශයක් ලෙස හදුන්වා දෙයි. මෙම සේවය සපයනු ලබන්නේ රට වටා පිහිටා ඇති සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සහ ඒවායේ වැඩ කරන බිම් මට්ටමේ සෞඛ්‍ය සේවකයන්ගේ ඉතා ඉහල දායකත්වය මගිනි.

ශ්‍රීලංකාව දුපතක් වන අතර වාණිජ, වෙළද සහ ප්‍රවාහන සේවා වලට ඉතා වැදගත් වේ. එම නිසාම ශ්‍රීලංකාව වසංගත රෝග වලට මද අවධානම් තත්ත්වයේ ඇති රටක් ලෙස හදුන්වයි. වසංගත රෝග විද්‍යා අංශය මගින් සමාජයේ පැතිර යන රෝග හදුනාගැනීම, පාලනය සහ වැලැක්වීම සම්බන්ධව කටයුතු සිදු කරයි. ශ්‍රීලංකාව මේ වන විට ගෝලීය වසංගත කිහිපයකට මුහුණ දී ඇති අතර 2003 Avia ඉන්ෆ්ලුවෙන්සාව ඉන් එකකි. 2009 H1N1 වසංගතය මගින්ද රටේ සෞඛ්‍ය වෘත්තිකයින්ට වසංගත රෝග පාලනය පිලිබදව මනා අත්දැකීම් ලබාගැනීමට හැකිවිය.

වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන් රැසකගේ දායකත්වයෙන් මෙම හදිසි අවස්ථාව සදහා සුදානම් වීමට අවකාශ උදාවිය. ජාතික බෝවන රෝග විද්‍යාතනය රෝගයට ප්‍රතිකාර කිරීමේ කේන්ද්‍රස්ථානය වූ අතර එහිදී රෝගීන්ට විශේෂිත ලෙස ප්‍රතිකාර කිරීම සිදුවිය.රට වටා කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහල් 14ක ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවන ලදී. (ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, රාගම ශික්ෂණ රෝහල, ගම්පහ දිස්ත්‍රික් රෝහල, මිගමුව දිස්ත්‍රික් රෝහල, නුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, රත්නපුර රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, බදුල්ල රෝහල ඇතුළුව). කොවිඩ් 19 හදුනාගැනීමට අදාලව PCR  පරීක්ෂණය කරනු ලබන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගිනි.

මිට අමතරව රට පුරා වරයන් සහ ගුවන් තොටුපළවල් ඇතුළුව සෝදිසි මෙහෙයුම් සහ නිරෝධායන කටයුතු ඉතා පුලුල් ලෙස ආරම්භ විය. සැම තැනකම ශරීර උෂ්ණත්ව පරික්ෂාව සිදු කෙරුණු අතර රටට ඇතුළුවීමේදී සෞඛ්‍ය දත්ත වාර්තා පිරවීම අත්‍යවශ්‍ය විය. ජනතාවට රට තුල ගමන් කිරීම පවා සීමාවූ අතර මෙමගින් රෝග වාහකයන් රට පුර විසිරි යාම පාලනය විය.  රෝගීන් සමග ගැටුණු අය සොයා ඔවුන්ව ඉතා ඉක්මනින් නිරෝධායනය සහ පරීක්ෂණ වලට යොමු කිරීම සිදුවිය. ඉතිහාසය පුරාවට ඉතා ශක්තිමත් සෞඛ්‍ය සේවයක් හිමි රටක් ලෙස ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතය සදහා සුදානම් විය. මෙහිදී ජාතික වසංගත රෝග පාලනය, එන්නත් ක්‍රියාවලිය සහ දිගින් දිගටම කරන පරීක්ෂණ ඉවහල් විය.

නමුත් මේවන විටත් රෝගීන් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. සම්පුර්ණ රටම වසා ඇති වුවත් ආර්ථික පිරිහීම වැලක්වීමට සුළු වශයෙන් සිමා ඉවත් කිරීම ආරම්භ කර ඇත. මේ අවස්ථාවේ රෝගය පාලනය කිරීමට චීනයේ මෙන් මහ ජනතාව සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.  මෙහිදී සමාජ දුරස්ථභාවය හැකි සෑම විටකම ආරක්ෂා කිරීම, අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් ගමන් කිරීම, අත් සේදීම, මුඛ ආවරණ පැලදීම සහ හැකි සෑම  විටම නිවැරදි තොරතුරු රජයට ලබාදීම පිලිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්ය. තවද, සිමා ඉවත් කිරීම යනු අපගේ සාමාන්‍ය ජිවිතයට අපි එකතුවීම නොවන බව වටහාගත යුතුය. මෙය සෞඛ්‍ය සේවා, හෝ අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්ගෙන් පමණක් කල හැකි සටනක් නොවේ. සෑම ශ්‍රී ලාංකිකයෙක්ම එකාවන්ව මෙයට එකතුවීම වැදගත් වේ.