කොරෝනා වෛරස් රෝගය යනු කුමක්ද?

කොරෝනා වෛරස් රෝගය යනු කුමක්ද?

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පහත දැක්වෙන රෝහල් 12 තුළ මෙම රෝගයට ප්‍රතිකාර ගැනම සඳහා විශේෂ පහසුකම් සලසා ඇත.

– ජාතික බෝවන රෝග විද්‍යායතනය MRI
– උතුරු කොළඹ ශික්ෂණ රෝහල-රාගම
– ගම්පහ මහ රෝහල
– මීගමුව මහ රෝහල
– ජාතික රෝහල-මහනුවර
– ශික්ෂණ රෝහල-කරාපිටිය
– ශික්ෂණ රෝහල- අනුරාධපුර
– ශික්ෂණ රෝහල-යාපනය
– ශික්ෂණ රෝහල- කුරුණෑගල
– පළාත් මහරෝහල-රත්නපුර
– පළාත් මහරෝහල-බදුල්ල
– ශික්ෂණ රෝහල-මඩකලපුව

– National Infectious Disease Hospital (IDH)
– North Colombo Teaching Hospital 
– Gampaha General Hospital
– Negombo General Hospital
– National Hospital – Kandy
– Teaching Hospital – Aanuradhapura
– Teaching Hospital – Jaffna
– Teaching Hospital – Kurunegala
– Provincial General Hospital – Rathnapura
– Provincial General Hospital – Badulla
– Teaching Hospital – Batticaloa

24.02.2020 පෙ.ව 10.00 වන විට ලංකාවේ තත්ත්වය

ලංකාව තුල තහවුරු කරන ලද එකම රෝගියා වන චීන ජාතික කාන්තාව 19.02.2020 සුවය ලබා රෝහලෙන් පිටව ගියාය.
දැනට රෝහල් ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයන් 3 දෙනෙකි
– ශික්ෂණ රෝහල කුරුණෑගල
– දිස්ත්‍රික් මුලික රෝහල මීගමුව
– පළාත් රෝහල බදුල්ල


—- 20.02.2020 ලෝක තත්ත්වය —-
තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 78,811 (අලුතින් තහවුරු කරන ලද – 1,071) කි.

චීනය තුල
තහවුරු කරන ලද රෝගීන් – 77,042 (අලුතින් තහවුරු කරන ලද – 650)
මරණ – 2,445 (නව – 97)

චීනයෙන් පිටත
තහවුරු කරන ලද රෝගීන් – 1,769 (අලුතින් තහවුරු කරන ලද – 367)

කොරෝනා වෛරස් රෝගය යනු කුමක්ද?

හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් වාර්තා විය.

2020 ජනවාරි 07 වන දින එම වසංගත තත්වයට හේතුව නව කොරෝනා (COVID 19) වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලදී.

මෙම රෝගයේ බීජෞෂණ කාලය (විෂබීජය ශරීරගත වූ දින සිට රෝග ලක්ෂණ පහළ වීම දක්වා ගතවන කාලය) දින 2 – 10 දක්වා බව දැනට තිබෙන දත්ත අනුව පැහැදිලි වේ.මෙම රෝගය පළමුව සතුන් ගෙන් (නාගයන්, මත්ස්‍යයන්, වවුලන්) මිනිසාට බෝවන බවට හඳුනා ගත්තද, දැන් මිනිසාගෙන් මිනිසාටද බෝවිය හැකි බව තහවුරු කරගෙන ඇත.

වෛරසය ශරීර ගත වී දින 2 ත් 14 ත් අතර කාලයක් තුල උණ , සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, පපුවේ තද ස්වභාවය, හුස්මගැනීමේ අපහසුව ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැක. දැනට ලොව පුරා 11,000 කට අධික පිරිසක් මින් සුවය ලබා තිබීම අස්වැසිල්ලකි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කරන ලද පළමු රෝගියා 2020 ජනවාරි 27 වන දින වාර්තා විය. එම පුද්ගලයා චීන ජාතිකයෙකු වන අතර සංචාරකයෙකු ලෙස දිවයිනට පැමිණ ඇත.
එම පුද්ගලයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සුවය ලබා ඇත.මීට අමතරව තවත් රෝගීන් බවට සැක කරන 5 දෙනෙක් එම ආයතනයේ ප්‍රතිකාර ලැබුවද ඔවුන් කොරෝනා අසධිතයින් බවට තහවුරු වුයේ නැත. ඉන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයන් වේ.

චීනයේ සිට රටට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් රටට පැමිණ දින 14 ක් යන තෙක් ඔවුන්ගේ නිවෙසේවලටම වී සිටිය යුතුය. පිරිස් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකිය යුතුය. එම කාලය ඇතුළත යම් කිසි රෝග ලක්ෂණයක් (උණ,කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව) ඇතිවූයේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහතා දැනුවත් කර ඔබට ආසන්නයේම පිහිටි ඉහත රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

දැනට මහජනතාව හෝ දරුවන් විසින් මුඛ ආවරණ පැළඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ කර නොමැත.

අත් සේදීම මගින් ශ්වසන රෝග බෝවීම වලකින්නේ කෙසේද?

මෙවැනි රෝග බහුලව පැතිර යන ක්‍රමයක් වන්නේ, රෝගියෙකුගේ කැස්සෙන්, කිවිසීමන් හෝ මොන යම් ක්‍රමයකින් පිටවන කෙළ / සෙම බිඳිති, නිරෝගී පුද්ගලයෙකුට ශරීරගත වීමෙනි.

පොදු ස්ථාන වල දොරවල්,අත් වැට, අසුන් වැනි දේ මත මෙම වෛරසය රඳා පැවතීමට බොහෝ ඉඩ කඩ ඇත.
පුද්ගලයෙක් දිනකට සාමාන්‍යයෙන් කිහිපවතාවක්වත් තමාගේ මුහුණ සහ නාසය වරින් වර ඇල්ලීම සිදු කරයි.

ඉහත සඳහන් පෘෂ්ඨයක් අල්ලා එම දෑත් වලින් තම මුහුණ හෝ නාසය ඇල්ලීමේදී එම විෂබීජ ශරීරයට ඇතුළු වීමට ඇති ඉඩකඩ බොහෝය.

එම නිසා
• වෙනදාට වඩා පස් වතාවක්වත් සබන් යොදා අත් සෝදමු.
• රැකියා කරන ස්ථානවල සබන් යොදා හොඳින් අත් සේදීමට පහසුකම් සකසා ගනිමු. නැතිනම් අත් පිරිසිදු කරගැනීම සඳහා විෂබීජ නාශක දියර (Hand sanitizers/ Alcohol rub) සපයා ගනිමු.
• පාසැල් යන ඔබේ දරුවා පාසැල් කාලය තුළදී තුන් වතාවක්වත් සබන් යොදා අත් සේදීමට යොමු කරන්න.
• පොදු ස්ථාන සහ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී විටින් විට තම මුහුණ සහ නාසය ඇල්ලීමෙන් වලකින්න. එවැනි පොදු ස්ථානයක ගැවසීමෙන් හෝ පොදු ප්‍රවාහන සේවය භාවිතයෙන් පසු හැකි ඉක්මනින් සබන් යොදා අත් සේදීමට යොමුවන්න.
• ඔබගේ වෙළඳසැල් වල පාරිභෝගිකයින් සඳහා අත් සේදීමට ස්ථානයක් හෝ විෂබීජ නාශක දියරයක් (Hand sanitizers/ Alcohol rub) ලබා දීමට වග බලා ගන්න.
• වසංගත රෝග පැතිරී යන කාලයක් නිසා අතට අත දීම සහ වැළඳ ගැනීම හැකිතාක් අවම කරමු.

(සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ව්ද්‍යා අංශයේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු උපුටා දැක්වීමකි)