නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා සමබර පෝෂණීය තත්ත්වයෙන් යුතු ඖෂධීය ගුණ සපිරි ආහාර කෙසේ තෝරා ගත යුතුද ? යන ප්රශ්නය අද පෝෂණයෙහිලා ඉතා වැදගත් වී තිබේ. අද වෙළඳපොළෙහි ඇති ආහාර පාන වලින් වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට නුසුදුසු යැයි සලකන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර තිබීම, පාරිභෝගිකයන් හට විශාල සැකයක් ඉතිරි කිරීමට සමත්වී ඇත. කෘතීම රසකාරක, කෘතීම ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, ප්‍රමිතියෙන් තොර සංතෘප්ත හා අසන්තෘප්ත මේද අම්ල අඩංගු එළවලු තෙල් (Vegetable / Palm Oil) වර්ග ඒ අතර වේ. දියවැඩියාව. අධි රුධිර පීඩනය, අක්මා රෝග (Fatty Liver), වකුගඩු රෝග, මෙන්ම පිළිකා රෝග ද පෝෂණ අසමතුලිතාවන් හේතුවෙන් ලොවපුරා පැතිර යමින් පවතී.
Dr Madusha Nagasinghe
MBBS (Sri Lanka)
MSc in Human Nutrition (Colombo)
