දියවැඩියාව පාලනයට නිවසේදී කල හැකි දෑ

දියවැඩියාව පාලනයට නිවසේදී කල හැකි දෑ

දියවැඩියාව යනු දැනට ලෝක ජනගහනයෙන් මිලියන 415කට ඇති බෝ නොවන වඩාත්ම සුලබ රෝගයයි. නාගරික ජනගහනය තුල දියවැඩියාව, ග්‍රාමීය ජනතාව තුල සිටින දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය මෙන් 6 ගුණයක් වැඩිය. දියවැඩියා රෝගය නිට්ටාවට සුව කිරීමක් සිදු කල නොහැකි අතර, කල හැක්කේ පාලනය කිරීමක් පමණි.

පහත දක්වා ඇත්තේ රුධිරගත සීනි මට්ටම පාලනය කල හැකි ස්වභාවික උපක්‍රමයන්ය. නමුත් මේ සියලු ක්‍රම නිසි පරීක්ෂා කිරීම් වලට ලක් කර ප්‍රතිඵල තහවුරු කර තිබේ.

ආහාර රටාව වෙනස් කිරීම

පිෂ්ඨය, සීනි, එලකිරි ආශ්‍රිත කිරි ආහාර, පාන් පිටි ආහාර සහ මධ්‍යසාර සහ අසංතෘප්ත තෙල් ආහාර භාවිතය නැවතිය යුතුය.
තන්තුමය ආහාර, අසංතෘප්ත මේදය,මත්ස්‍ය මේදය, කෝමාරිකා, ප්‍රෝටීන් බහුල ආහාර,පලතුරු (අන්නාසි සහ කොමඩු හැර ) ආහාරයට ගැනීම වැඩි කල යුතුය.
විටමින් සහ අතිරේක අයන සංඝටක බහුල ආහාර පරිභෝජනය ඉහල දැමිය යුතුය.
ක්‍රෝමියම් බහුල ආහාර- බිත්තර කහ මදය,කෝපි,මස්,ධාන්‍ය
මැග්නීසියම් බහුල ආහාර- යෝගට්,ආමන්ඩ්,නිවිති
වැනේඩියම් බහුල ආහාර-
විටමින් C බහුල ආහාර- දෙහි,දොඩම්,පලතුරු
Co enzyme-Q අඩංගු ආහාර- මස්,මාලු,ඉස්සන්,දැල්ලන්
කුළුබඩු පරිභෝජනය- ඉඟුරු,කුරුඳු,කරවිල යුශ

දිනපතා ව්‍යායාම වල යෙදීම

තරබාරු බව දියවැඩියාවට පාර කියන්නේ, සිරුරේ සෛල ඉන්සියුලින් හෝමෝනයට දක්වන විරෝධීතාවය වැඩි කිරීමෙනි. ව්‍යායාම මගින් සිරුරේ තරබාරුව අඩුකර සෛලවල ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කරයි. ව්‍යායාම මෙන්ම, Zumba, aerobics, පිහිනීම වැනි ක්‍රියාකාරකම් ද තරබාරු බව අඩු කිරීමට උපකාරි වේ.

අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම

රුධිරයේ සීනි මට්ටම ඉහල රෝගීන් දිනපතා පානයට නිර්දේශිත ජල ප්‍රමාණයට  වඩා ජලය පානය කල යුතුවේ. එයට හේතුව වන්නේ, රුධිරයේ ඇති අමතර සීනි අංශු- මුත්‍රා සමග පෙරා ඉවත් කිරීමට වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වීමයි.

ආතතියෙන් තොර ජීවන රටාවක් පවත්වාගෙන යාම

මානසික ආතතිය මෙන්ම ශරීරයේ ආතතිය මිනිස් සිරුරට පීඩා ගෙන දේ. ආතතිය නිසා ශරීරයෙන් cortisol, adrenaline, glucagon වැනි හෝමෝන වර්ග සාමාන්‍ය ප්‍රමාණයට වඩා ස්‍රාවය වේ. එමගින් ශරීරයේ සංචිත ග්ලූකෝස් රුධිරයට මුදා හැරේ. එමගින්, සීනි මට්ටම ඉහල යාම ද සිදු වේ. 

හොඳ නින්දක් ලබා ගැනීම


දියවැඩියා රෝගීන්ට මෙන්ම සියලුම දෙනාට සුව නින්දක් යනු අත්‍යවශ්‍ය සාධකයකි. නින්ද මූලික මිනිස් අවශ්‍යතාවයකි. නිසි නින්දක් නොලැබුනොත් එය ශරීරයට ආතතියක් වන අතර, ඉහත කී ක්‍රියාදාමය නැවත ක්‍රියාත්මක වීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහල යයි.
ජීවන රටාව වෙනස් කරමින්, ඍණාත්මක සිතුවිලි වලින් බැහැර යමින්, ධනාත්මක සිතුවිලි වර්ධනය කර ගනිමින් ස්වභාවධර්මය සමග කල් ගෙවීම


කාර්යබහුල ජීවන රටාව වෙනස් කරගනිමින්, පරිසරය රස විඳීමට කාලයක් වෙන්කර, මත්පැන් දුම් පානය ආදියෙන් ඉවත් වී උසස් ජීවන රටාවක් කරා යොමුවීම මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරගත හැකිය.

ඉහත සියලු විස්තර නූතන පර්යේෂණ වාර්තා පදනම් කරගනිමින් ලියා ඇති අතර, මේ කිසිවක් ආරම්භ කිරීමට පෙර ඔබේ පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කල යුතුය. වෛද්‍ය නිර්දේශය මත, රෝගී තත්වය සහ වයස සලකා බලා සුදුසු ජීවන රටාවකට යොමුවිය යුතුය. එමෙන්ම, වෛද්‍ය නිර්දේශයකින් තොරව දැනට පාවිච්චි කරන ඖෂධ නතර කිරීම කිසිසේත් නොකල යුතුය.

වෛද්‍ය ශාලිකා චුලරත්න
MBBS (Sri Lanka)